Nov
09
කාජල් අගර්වාල්ගේ මධුසමය අතරතුර ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි
ඉන්දිය සිනමාවේ සිහින කුමරිය ලෙස සිටි කාජල් අගර්වාල් පසුගිය ඔක්තෝබර් මස 30 වනදා විවහා වීමෙන් අනතුරුව මුම්බායි නවතම නිවසකට පදිංචියට ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.
එමෙන්ම මධුසම ගත කිරීමට යන ස්ථානය සම්බන්ධයෙන් මොවුන් තීරණයක් නොගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා කර තිබුණේ.
කෙසේ වෙතත් මේ වනවිට ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත තම සැමියා සමඟ සිටින ඡායාරූප කිහිපයක් එක් කර තිබුණේ සියලු දෙනාම පුදුමයට පත් කරමින්.
මොවුන් මේ වනවිට මාලදිවයිනෙහි රැඳි සිටින බවයි එහි දක්වා තිබුණේ.