Nov 03

පිනට ලැබුණු පී.සී.ආර්. යන්ත්‍රයට විශේෂඥවරිය පයින් ගහයි


කොළඹ ජාතික රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු පීසීආර් යන්ත්‍රය එම රෝහලේ ක්ෂූද්‍රජීවී විශේෂඥවරිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කර ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා තිබෙන මෙම පීසීආර් යන්ත්‍රය භාවිත කළ නොහැකි යැයි පවසමින් විශේෂඥවරිය මෙසේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ. වෛද්‍ය පර්‌යේෂණායතනයේ ක්ෂූද්‍රජීවී විශේෂඥවරයකුගේ උපදෙස් මත එය සිදුව ඇති බවත් ඔවුන් මෙය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වෙනත් නිෂ්පාදනයක් මිලදී ගැනීම සඳහා බවත් රසායනාගාර විද්‍යඥ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.

පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම යන්ත්‍රය ජාතික රෝහල වෙත ලබා ගැනීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ම විශාල පරිශ්‍රමයක් දැරූ බවත් එය ලැබුණේ නම් ජාතික රෝලේ රෝගීන්ගේ පීසීආර් පරීක්ෂණයන් රෝහලේම සිදුකර කොවිඩ් නොවන රෝගීන්ට ලබාදිය යුතු ප්‍රතිකාරයන් අඛණ්ඩව ලබාදීමට හැකිවන බවත් ඔහු පෙන්වා දේ.

කෙසේ නමුත් මෙම යන්ත්‍රය රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍යතාවක් නොවූ බැවින් පරිත්‍යාගශීලියා විසින් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කර අතැයි ද කුමුදේශ් සඳහන් කරයි.

aruna.lk - ශ්‍රියානී විජේසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.