Nov
11
වහාම ක්‍රියාත්මක කරන පරිදි බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා (15 වෙනිදා) මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.
මේ අතර අද දින රාත්‍රී 10 සිට ලබන නොවැම්බර් මස 15 වෙනිදා දින දක්වා බස්නාහිර පලාත තුලට පැමිණීමට අවසර ලබාදී ඇති අතර බස්නාහිර පළාත් සීමාව තුලින් පිටවීමට අවසර ලබාදී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
එබැවින් දුම්රියන් වල ධාවන කටයුතු පහත සඳහන් පරිදි සිදුකරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.