Nov 18

කොරෝනාවෙන් මියගිය මාමණ්ඩිගේ මරණ වාර්තාව ගෙන්න බෑනා බසයෙන් ගිහින්


කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ නිරෝධ යනයට ලක් කර සිටි පුද්ගලයෙකු කොරෝනා වෛරසය වැළඳීමෙන් මිය ගිය මාමණ්ඩියගේ මරණ පරීක්ෂණ වාර්තාව රැගෙන ඒම සඳහා පොළොන්නරුව වැලිකන්ද රෝහල වෙත පොදු ප්‍රවාහන බස් රථයකින් ගමන් කරමින් සිටියදී දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා සහ පොලීසිය එක්ව බස් රථයෙන් බස්සවා දඹුල්ල මූලික රෝහලේ covid-19 වාට්ටුවට අද පස්වරුවේ ඇතුළත් කොට තිබෙනවා.

මෙම පුද්ගලයා බස් රථයෙන් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මෙයාකාරයෙන් බස් රථය දඹුල්ල රෝහල ආසන්නයේ නවතා මේ බව දැනුම් දී ඇතැයි දඹුල්ල රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් .එම් . රණතුංග පැවසුවේ.

මාලිගාවත්ත ප්‍රදේශයේ මෙම පුද්ගලයාගේ පවුලේ කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙන බවත් මෙම පුද්ගලයාගේ මාමණ්ඩිය වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛරසය ආසාදනය වී මියගොස් ආදාහන කටයුතු සිදුකොට තිබෙන බවත් වාර්තා වෙයි.

ඔහුගේ බිරිඳ ද මේ වන විටත් කොරෝනා ආසාදිත වූ බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයාගේ විදේශගතව සිටින ඥාතියෙකු මරණ පරීක්ෂණය පිළිබඳව සැකයක් පවතින බව පවසමින් වහාම ගොස් මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තාව සහ පි සි ආර් කළ වාර්තාව ඇරගෙන එන්නැයි ලබා දුන් උපදෙසක් මත මෙම පුද්ගලයා කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වන ලංගම බස් රථයකට ගොඩ වී දඹුල්ලෙන් බැස පොළොන්නරුවට ගමන් කිරීම සඳහා යන බව රෝහල් බලධාරීන් වෙත ප්‍රකාශ කොට තිබේ.

පසුව සෞඛ්‍ය පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බස් රථයේ සිටි සියලු මගින් ගේ විස්තර සහ තොරතුරු ලබාගෙන ඉදිරියට කිසිදු මගියකු බස්රථයට ලබා ගැනීමකින් තොරව ගමනාන්තය දක්වා ගමන් කරන ලෙසත් මගින් සියලු දෙනාටම නිවෙස් වලට ගොස් නිරෝධායනයට ලක්වී යම්කිසි රෝග ලක්ෂණයක් මතු වන්නේ නම් වහාම ඒ බව සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කරන්නැයි දැනුම් දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක රණතුංග පැවසුවේ.

මාලිගාවත්ත සිට පොලොන්නරුව වැලිකන්ද බලා බස් රථයෙන් ගමන් කරමින් සිටියදී දඹුල්ල රෝහලේ වාට්ටුවට ඇතුළත් කළ පුද්ගලයාගේ පි සි ආර් පරීක්ෂණ එම අවස්ථාවේම ලබාගෙන මහනුවර පරීක්ෂණාගාර වෙත යැවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.