Nov 13

"අපේ ඇඟලුම් සේවක සේවිකාවන් කොරෝනා වෛරසයෙන් බේරුණත් ඔහුන් බඩගින්නේන් මරණයට පත් විය හැකි අනතුරක් පවතිනවා" ඉන්දියාවේ 'Ambuttar Fashion' ඇඟලුම් ව්‍යාපාරයේ හිමිකරු වන විජේ මහ්තානී එම අන්තුරු ඇගවීම කරන්නේ කර්මාන්තය කඩා වැටී පවතින තත්ත්වය වටහා දෙමිනි. එම ඇඟලුම් කම්හලේ සේවය කරන ශ්‍රමිකයන් 18,000ක පිරිස විශාල රැකියා අර්බුදයකට මුහුණ දී ඇත. ඒ අතර දැනටමත් බංගලාදේශයේ හැරුණු කොට ඉන්දියාව පෝර්දානය ඇතුළු රටවල්වල ක්‍රියාත්මක වන කර්මාන්තශාලා කොවිඩ් අර්බුදය සමඟ සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේද බොහෝ ඇඟළුම් කම්හල් වසා දමා ඇති අතර රටේ පවතින ඇඳිරි නිතීය හා සංචාරණ සීමා හේතුවෙන් ඒ කම්හල් තුළ සේවය කරපු ශ්‍රමිකයන් මේ වන විටත් සිය ගම්බිම් කරා පිටත් කර ඇත.

රටට ප්‍රධාන ආර්ථික දායකත්වයක් දෙන ඇඟලුම් කර්මාන්ත තුළින් රටේ ශ්‍රම බලකායට 15% රැකියා අවස්ථා ද හිමි. ඒ ඔස්සේ රටේ සමස්ත අපනයනයෙන් භාගයක් පමණ වන මෙම ක්‍රේෂ්ත්‍රයේ විශාලතම සමාගම් අතර ප්‍රධාන එකකි, Brandix.

1972 වසරේ බැන්ඩික්ස් ආරම්භ වී ඇත්තේ ඕමාන සමුහයේ කොටසක් වූ සමුහ ව්‍යාපාරයක් වශයෙනි. එතැන් පටන් තත්ත්වය සහතික ලබාගනිමින් රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දීමට කටයුතු කල අතර සීදූව මිරීගම මඩකලපුව සහ පන්නල යන ප්‍රදේශවල දීපව්‍යාප්තව ජාලයක් අද පවති. ඒ අතර 2019දී මඩකලපුව ශාඛාව ශුද්ධ ශූන්‍ය කාබන් තත්ත්වය ලබා ගත් ලොව පළමු කර්මාන්ත ශාලාව බවට පත්විය. 2018/19 ජාතික අපනයන සම්මාන උළේලේ බැන්ඩික්ස් ලංකා සමුහයට වසරේ අපනයනකරු සම්මානය හිමි වුයේද එය එතරම්ම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන හෙයිනි.

එපමණ විදේශ වත්කම්,විශේෂ මට්ටමෙන් රටට ගෙන එන ආයතනයක් වසා දැමුවහොත් ඉන් වන හානිය ඩොලර් වලින් පමණක් ගණන කල නොහැක.

එය ගණනය කල යුතු වන්නේ ඒම ආයතනය හරහා තම ජීවිතය රැකගන්න සෘජු හා වක්‍ර ජීවිත වන එකතුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.