Nov
12
කරන්දෙණියේ 7හැවිරිදි දරුවෙක්ටත් කොවිඩ්
ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ මව ,පියා සහ වයස අවුරුදු 7ක් වන දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔවුන් මීට පෙර මත්ස්‍ය වෙළෙඳාමට සමබන්ධ ගාල්ල උඩුගම ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණි.
ආසාදිතයින් හම්බන්තොට සහ කඹුරුගමුව යන රෝහල් වෙත යොමු කෙරුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක, යූ.කේ.ඩී. ලසන්ත මහතා,
“ඔවුන් තිදෙනා කඹුරුපිටිය හා හම්බන්තොට රෝහල්වෙත යොමුකරා. මේ වන විට ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කර තියෙනවා. තල්ගස්වල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගේ ගෙදර 20 වන දින ගතකරලා තියෙනවා. ඊට පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණය අනුව තමයි ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වෙලා තියෙන්නේ. ආසාදිතයින් අතර වයස අවුරුදු 7ක දරුවෙක් හා ඒ අඹු සැමි යුවළ වෙනවා.“