Oct 12

අධි වේගයෙන් බස් එකෙන් ගාල්ලට ගිය කතට කොවිඩ්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ලට ගමන්ගත් බස් රථයක කාන්තාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබේ.

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා සදහන් කළේ එම බස් රථයේම ගමන්ගත් තවත් 35කට ඉදිරිපත් වන ලෙසට කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ දක්වා කිසිවකුත් ඉදිරිපත් නොවී ඇති බවයි.

මෙය ඉතාමත් බරපතල ගැටළුවක් වනු ඇති බව ඔහු සදහන් කරයි.

අදාළ බස් රථයෙන් හදුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ සේවය කළ තැනැත්තියක් බවත්, ඇය පසුගිය 4 වැනිදා කඩවත සිට ගාල්ල බලා අධිවේගයේ ධාවනය වූ බස් (NB-7323) රථයකින් ගාල්ලට පැමිණ තිබේ.

වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේ කොවිඩ් ආසාදිත කාන්තාව සමීපයේම පැමිණි පිරිස සමීප ස්පර්ශකයන් වන බැවින් ඔවුන්ට ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත් වී නොමැති බවයි.

මේ වන විට අදාළ කාන්තාව සහ බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ද නිරෝධායනයට යොමු කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.