Oct
31
වීරකැටියේ පාසල් සිසුවෙක් ඝාතනය වෙයි !
වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවී දුරදිග යාම නිසා තරුණයෙක් ඝනයට ලක්වී ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර ඊයේ (30) රාත්‍රී 7ට පමණ මෙය සිදුවී ඇත.
ආරවුල දුර දිග යාමෙන් තියුණු ආයුධවලින් පහර කෑ 6 දෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මරණයට පත් තරුණයා මොරයාය, උතුරු වෑකඳවල ලිපිනයේ පදිංචි අයෙක්.
මෘත ශරීරය පිළිබඳ මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) සිදුකිරීමට නියමිතයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.