Oct 07

ප්‍රථිකාර ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට එරෙහිව නීතිමය පියවර

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.


විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියි.


අමාත්‍යවරිය විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,


" සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත. නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වේ. 


ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටියි. 


ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියි."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.