Oct 07

කොරෝනා භීෂණයට හසු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය නිකුත් කළ විශේෂ පණිවිඩය මෙන්න


බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල්වල සියලුම සේවක සේවිකාවන් වෙනුවෙන් තම ආයතනය කැපවී කටයුතු කරන බව එම සමාගම දැනුම්දී තිබෙනවා.

එම සමාගමේ මිනුවන්ගොඩ ආයතනයේ සේවක සේවිකාවන් 832කට මේ වනවිට කොරෝනා වැළඳී තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ නිරෝධායනයට ලක්වන කාලය තුළ සේවක සේවිකාවන්ට සුවපහසුව ගත කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරන බවයි.

එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

‘පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සාමාජික-සාමාජිකාවන් 1,394 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරිණි. විශාල පිරිසක් පරික්ෂාවට ලක්කෙරුණු බැවින් සාමාජික-සාමාජිකාවන් හට යම් කාලයක් රැඳී සිටීමට සිදු විය. දැනට කාර්යමණ්ඩල සාමාජිකයන් 567 දෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

අපට මුහුණදීමට සිදුවූ ප්‍රධානත ම අභියෝගයක් වූයේ, ආසාදිතයින් අතරින් වැඩි පිරිසකගෙන් රෝගී ලක්ෂණ පෙන්නුම් නොවීමය.

අදාළ බලධාරීන් හට උපරිම සහයෝගය ලබාදෙමින් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු. කාර්යමණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට ලක්වන කාලය තුළ ඔවුන්ට සුවපහසුව ගත කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට ද අපි කටයුතු කරන්නෙමු.

අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ප්‍රජාවගේත්, අපගේ රටේත් සුබසිද්ධිය අපගේ ප්‍රමුඛතාවයි. එමෙන්ම, ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මේ මොහොතේ අප වෙත ලබාදුන් සහයෝගය සහ මගපෙන්වීම වෙනුවෙන් ඔවුන්ට ද අපගේ කෘතඥතාව පළකර සිටිමු.’
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.