Oct
17
කවදාවත් දැකපු නැති පෙම්වතෙක්ව මුණ ගැහුණු පාසල් සිසුවියක් කරගත්තූ දේ
බාල වයස්කාර දැරියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 27 හැවිරිදි පුද්ගලයකු දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා විසින් රුපියල් 3,000ක මුදල් හා රුපියල් 100,000ක ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කරන ලදී.
මීට පසුබිම් වූ සිද්ධිය මෙසේය. මෙම දැරියගේ වයස අවුරුදු 15යි මාස 10කි. මව විදෙස්ගතව සිටියි.
පාසල් යන දැරිය පියාගේ රැකවරණය යටතේ සිය නිවෙසේ ජීවත් වූවාය. මේ අතරතුර අහම්බෙන් සිය ජංගම දුරකථනයට ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව සැකකරු සමඟ මෙම දැරිය සම්බන්ධයක් ඇතිකර ගත්තාය.
පසුගිය දිනෙක පියා ඇයට පාඩම් කරන ලෙස කරන ලද තරවටුවක් නිසා ඊට උරණ වී පෙම්වතා හමුවීමට ගොස් ඇත. එසේ හමුවූ අවස්ථාවේදී දැරිය සිය පෙම්වතාගේ මුඛ ආවරණය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.
පසුව එහිදී දෙදෙනා කතිකා කරගත් පරිදි අනුරාධපුරයේ සිටින සැකකරුගේ ඥාති නිවෙසකට ඔවුන් ගොස් ඇත.
එහිදී නිවෙසේ සිටි මේ දැරියගේ වයසේ දැරිය ඔවුන්ගේ විස්තර විමසා සිදුකර ඇත්තේ තම සහෝදරිය පැමිණෙන තෙක් ආගන්තුක දැරිය කාමරයක දමා දොර අගුළුලා වසා දැමීමය.
සහෝදරිය පැමිණි පසු මේ සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ පොලිසියකට පැමිණිලි කර ඇත. පොලිසිය පැමිණ දෙදෙනා අත්අඩංගුවට ගෙන ගලේවෙල පොලිසියට දැනුම්දී ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට සැකකරු රැගෙන ආ අවස්ථාවේදී පෙම්වතා කොරෝනා මුඛ ආවරණය ඉවත්කරන තුරු මේ දැරිය ඊට පෙර ඔහුගේ මුහුණ දැක නොතිබීම මෙම සිද්ධියේ විශේෂත්වයයි.
අනතුරුව මෙම සිද්ධිය ගලේවෙල පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව එහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශානිකා රණසිංහ මහත්මිය එහි ගොස් සැකකරු හා දැරිය රැගෙන පැමිණ පරීක්ෂණ ආරම්භ කළාය.
ඒ අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයට දඹුල්ල මූලික රෝහලට යොමු කළ බව ඇය පැවැසුවාය. අනතුරුව ඇය සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළාය.
පැමිණිල්ල යළි කැඳවීම ලබන නොවැම්බර් 11 වැනි දිනට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ළාබාලවියේ පසුවෙන තරුණ තරුණියන් දුරදිග නොබලා ගන්නා තීරණ නිසා ඔවුන්ගේ අනාගතය කඩාකප්පල් වීමට හේතුවන බව මේ සිද්ධියෙන් පැහැදිලි වන බව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය මෙහිදී පැවැසුවාය.
තිලක් පල්ලේගෙදර - මව්බිම