Oct 16

කටුනායක ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තවීමට මුල "මෑන් පවර්" සේවකයින්


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී මෙම රෝගය පාලනය කිරීම සදහා , මෙම කළාපය තුළ ඇති ඇගලුම් කර්මාන්තශාලා 02 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කර සිටිනවා.

එසේම මෙම කොරෝනා වෛරසය කටුනායක ප්‍රදේශය පුරා පැතිර යාමට එම ප්‍රදේශයේ ඇති නේවාසිකාගාර වල ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමද එක් ප්‍රධාන හේතුවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි වෛද්‍ය මිගාර ඈපා පැවසුවේ.

මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව සේවිකාවන් 100-150 ක් පමණ සිටියද ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සදහා වැසිකිළි ඇත්තේ 03 ක් හෝ 04 ක් වීම මෙයට නිදසුනක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියා.

ඊට අමතරව මෙම ප්‍රදේශයේ කම්හල් වල සේවකයින් ස්ථිර සේවය සදහා බදවා නොගෙන තාවකාලිකව දිනපතා වැටුප් ගෙවමින් " මෑන් පවර් " ක්‍රමයට සේවකයින් සේවය සදහා යොදා ගැනීම ද මෙම වෛරසය මෙම ප්‍රදේශය පුරා පැතිර යාමට හේතු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි වෛද්‍ය මිගාර ඈපා සඳහන් කර සිටියේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද (16) දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 79 ක් ලෙස වාර්තා වී ඇති අතර එයින් රෝගීන් 75 දෙනෙකු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස තුළින් සොයාගෙන ඇති අතර ඉතිරි 04 දෙනා දිස්ත්‍රික්කයේ රෝහල් වලින් අනාවරණය කර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 1483 ක් රෝගීන් සොයාගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඒ අවට වෙනත් කර්මාන්තශාලා වලින් අද දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 32 දෙනෙකු සොයාගෙන ඇති අතර එයින් 30 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළිනුත් සෙසු රෝගීන් 02 දෙදෙනා මෙම කළාපයට පරිබාහිරව පිහිටි කර්මාන්තශාලා වලිනුත් සොයාගෙන ඇත.

ඒ අනුව අද දින සවස වනවිට මෙම කටුනායක කළාපයෙන් හදුනා ගත් සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 152ක් බවත් මෙම කළාපයෙන් බැහැරව පිහිටි කර්මාන්තශාලා වලින් සොයා ගත් සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 18 දෙනෙකු බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කළේ.

එමෙන්ම කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ පසුගිය 14 වෙනි දින සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ 820 ක් අතුරින් 450 දෙනෙකුගේ ප්‍රතිඵල තමන් වෙත මේ වනවිට ලැබී ඇති බවත් ඒවා අතරින් 47 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද කටුනායක - සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පැවසීය .

ඒ අනුව මෙම රෝගීන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට අවශ්‍ය වුවද මේ වනවිට ඒ සදහා අවශ්‍ය රෝහල් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්වී ඇතැයි ද සුරේෂ් කුමාර පැවසීය .

ටී.කේ.ජී.කපිල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.