Oct
25
බුදුරුව සහිත සාරියක් ඇන්ද කාන්තාව අධිකරණය හමුවට !
බුදුරුව සහිත සාරිය ඇඳි කත නීතිය හමුවට යොමු කළ යුතු බව කියමින් පොලිසියෙන් ගෙන්වන තුරු බසයේ මගීන් කලබල කර ඇති පුවතක් කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ.
මඩකලපුව, කලවංචිකුඩි ප්‍රදේශයේ සිට මහනුවර පැමිණ තිබෙන මෙම කාන්තාව පොලොන්නරුව බලා පෞද්ගලික බස් රථයකින් යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇත.
මගින්ගේ පෙරැත්තයෙන් මගින් විසින්ම පොලිසියට කළ දැනුම් දීම ඔස්සේ කටුගස්තොට පොලිස් නිලධාරීන් විසින් ඇයව (21දා) අත්අඩංගුවට ගෙන ඇත.
බුදුරුව මුද්‍රණය කළ රෙද්දකින් නිමැවූ සාරියක් ඇඳ මහනුවරට පැමිණි තිස් දෙහැවිරිදි මෙම කාන්තාව ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පැමිණි බව ඇය විසින් පොලිසියට පවසා ඇත.
බස් රථයේ මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීමෙන් පසු මහනුවර කොට්ඨාසය බුද්ධි තොරතුරු ඒකකයට මගියකු ඒ බව දැනුම් දී තිබේ.
පසුව කටුගස්තොට පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි නිලධාරියා කටුගස්තොට පොලිසිය අසලදී අදාළ බස් රථය නවතා එම කාන්තාව බස් රථයෙන් බස්සවා පොලිසියට භාරයට ගෙන ඇත.
සංහිඳියා පනත යටතේ ආගම් අතර ගැටුමක් ඇති වන ආකාරයේ කටයුත්තක් සිදු කිරීමේ චෝදනා යටතේ අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන සිදු කෙරෙයි.
සමන්තී වීරසේකර