Oct
03
කංසා විකුණා රටේ ණය පියවන්න ඇමති බන්දුල සැරසෙයි
කංසාවල හෙන්ස් නැමති නව ප්‍රභේදය අපනයනය කිරීම මගින් මෙරට සියලු විදේශීය ණය තවත් වසර 5 කින් ගෙවා නිම කළ හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කංසාවල නව ප්‍රභේදය ඖෂධ නිෂ්පාදනය සඳහා අපනයනය කිරීම මගින් විදෙස් ණය ගෙවා දැමීමට හැකි තරම් ආදායමක් රටට උපයා ගත හැකි බව අමාත්‍යවරයා පැවසුවේය.
හමුදා ආරක්ෂාව යටතේ ගංජා වගාකර අපනයනය කිරීමට හැකියාව පවතින බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට යොදා ගන්නා ගංජා මගින් කිලෝ 100 ක් පමණ ලබා ගෙන නැනෝ තාක්ෂණ ආයතනයට ලබා දී පරීක්ෂණයක් කර රටට පෙන්වීමට අපේක්ෂා කරන බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මව්බිමට අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙරට අපනයනකරුවන් අතර මේ පිළිබඳ විවෘත සංවාදයක් පවතින බවත් ඉදිරියේදී ඊට වැඩි අවස්ථාවක් නිර්මාණය කර දීමට තමන් අපේක්ෂා කරන බවත්ය.
හෙන්ස් නැමති කංසා ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවත් ඊට ලෝක වෙළඳපොල තුළ ඉහළ මිලක් පවතින බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
තායිලන්තය තුළ ද මේ වන විට මෙම කංසා ප්‍රභේදය අපනයනය සඳහා යොදා ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයක් ලෙස සම්ප්‍රදායෙන් බැහැරව මෙවැනි වෙනස් වූ අත්හදා බැලීම් ඉදිරියට සිදුකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
- මව්බිම