Oct 13

කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවකයින් 74කට කොරෝනා


කටුනායක-සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු සිදු කර තිබූ පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රථිපල අනුව අද (13) දිනයේදී තහවුරු වූ බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා.

ඒ අනුව කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අද දින සවස 5.00 වනවිට වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයන් 102 ක් බවයි ඔහු සඳහන් කළේ. මොවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා සදහන් කළේ.

මෙම ආසාදිතයන් පිරිස අනාවරණය කර ගැනීම සදහා පසුගිය දෙදින තුළ පී.සී.ආර්.පරීක්ෂණ 400 ක් පමණ සිදු කළ බව ද ඔහු සඳහන් කළා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම, ඉරණවිල සහ ලග්ගල රෝහල් වෙත මේ වනවිට යොමු කරමින් පවතින බවද ඔහු සඳහන් කළා.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද දින සවස 5.00 පමණ වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා පැවසුවා.

මෙම ආසාදිත සේවකයන් අතුරින් 62 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන්නන් වන අතර ඉතිරි 12 දෙනා එම කළාපයෙන් පිටත පිහිටි කර්මාන්තශාලා වල සේවකයින් බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එමෙන්ම ඊයේ දින රාත්‍රියේදී කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් 34 දෙනෙකුගෙන් යුතු කොරෝනා ආසාදිතයන් පොකුරක් වාර්තා වූ බව එම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග සඳහන් කළා.

මෙසේ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ආසාදිත වී ඇති සේවකයින් අතරින් සේවිකාවන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙතටත් පිරිමි සේවකයින් ඉරණවිල රෝහල වෙතටත් නීරෝධායනය සදහා රැගෙන ගොස් ඇති බව නිදහස් වෙළඳ කළාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

ටී.කේ.ජී.කපිල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.