Oct
13
අද රෑ සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට
වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින්මාළු, බී ළූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ.
බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රී සිට ටින් මාළු (ලොකු) රුපියල් 200 කට, බී ළූණු කිලෝව රුපියල්100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ.
පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇත.
එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසැල්වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.