Oct 16

පරිප්පුත් ආතරයිටීස්වලට හේතුවක්


වයස් භේදයකින් තොරව අද බොහෝ දෙනකු පීඩා විඳින රෝගයක් ‌ලෙස සන්ධිවාත රෝග හඳුන්වා දිය හැකිය. මීට වසර ගණනාවකට පෙර මහලු වියේ පසුවූ පුද්ගලයන් තුළින් දුටු මෙම රෝගය අදවන විට තරුණ අය අතරද දක්නට ලැබෙන්නකි. ඇතමෙකුට ඉඳගත් තැනින් තනිව නැගිටීමට නොහැකිය. එසේම තවත් සමහරෙකුට ඇවිද ගැනීමට පඩි නැගීමට පවා අපහසුබවක් පෙන්වයි. මෙය සන්ධිගත ආතරයිටිස් තත්ත්වයකි.

ආයුර්වේදයට අනුව මෙම ආතරයිටිස් තත්ත්වය ඇතිවන්නේ වාත කුපිත වීම හේතුවෙනි. කෝප වූ වාතය සන්ධිගත වූ විට සන්ධි ආවරණ පටකය ආසාදන තත්ත්වයක් හටගනී. ආයුර්වේදයේ සන්ධි ප්‍රදාහය හෙවත් සන්ධිගත වාතය ආතරයිටිස් යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙවන් ආසාදන තත්ත්වයකදී සන්ධිය බුරුල් බවක් තද බවක් වේදනාබව හා ඉදිමුම පෙන්නුම් කරයි. ආසාදනයට ලක් වූ සන්ධිය දිගහැරීමේදී හෝ හැකිළීමේදී පෑරෙන්නාක් මෙන් වේදනාවක් දැනේ.

වාත කෝප වීමට හේතු

අධික ලෙස ව්‍යායාමවල යෙදීම, වේගයෙන් ඇවිදීම, අධික පීඩනය, පහර වැදීම්, අඩුවෙන් ආහාර ගැනීම, වේගයෙන් පැනීම්, පිණුම් ගසමින් ගමන් කිරීම, රෑ නිදිවැරීම, අධික බර ඉසිලීම,

මයිසූර් පරිප්පු, බෝල කඩල, රටතෝර, රට තෝර ඇට, මෑ අධිකව ආහාරයට ගැනීම

සන්ධිවල ක්ලේදක කඵ(සන්ධි එකිනෙකට ගැටීම වැලක්වීම සඳහා පවතින තරලය) අතර පවතින කොටස්වල හීනවීම හේතුවෙන් අස්ථි අතර ඝර්ෂණයේ තදබවක් ඇතිවේ. මෙවැනි තත්ත්වයකදී පහසුවෙන් අස්ථි බිඳී යාමද ඇතිවිය හැකිය. සුළු වැටීමකදී වුවද වියළි දණ්ඩක් කැඩී යනවාක් මෙන් වයස්ගත වීමත් සමග සන්ධි කැඩී යා හැකිය.

මෙම රෝගයෙන් පෙළෙන විට ශරීරයේ පදාර්ථයන් වෙනස් වීම නිසාද සන්ධි විකෘති වීමේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. මේ හේතුවෙන් සන්ධි රෝග මුල් අවස්ථාවන්වලදී සන්ධි ඉදිමී එකිනෙකට වෙනස් රෝග ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. කල්ගත වී සන්ධි දුර්වල අවස්ථාවන්ට පැමිණි විට සන්ධි කඨින ( තද ) බවට පත්වේ. එසේ වීමේදී ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්ට හානි ඇතිවේ.

ක්ලේදක කඵ වියළී යාමෙන් සන්ධිවල රළු බව ඇතිවේ. ඉන් ඇතිවන කඨින බව හේතුවෙන් කල්යාමේදී සන්ධිවල ක්‍රියාකාරිත්වයට බාධා සිදුවේ. කාලයක් මෙවැනි තත්ත්වයක් ඇති වූ විට සන්ධි ඇදවීම ඇවිදීම අපහසු වීම, සන්ධියේ විකෘති තත්ත්වයන් ඇති වීම දැකිය හැකිය.

මේ සඳහා විශේෂිත ආලේපන භාවිත කරයි. තවද වාත නැසිය හැකි කෂාය පානය සඳහා ලබා‌දේ. කොඳු ඇට පෙළේ ඇති රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේදී උඳු පිටියෙන් සාදා ගන්නා ලද වැටියක් අදාල ස්ථානයට යොදා වාත නාශකතෙල් වලින් පරවා තබයි. එයින් සන්ධි ලිහිල්වේ.

මේ සඳහා භාවිත කළ හැකි පත්තුවකි.

තල, සතකුප්ප, එරඬු ඇටමද, වී, පොරි,සුදු හඳුන්, රත්හඳුන්, සියඹලා කොළ ඉස්මෙන් හෝ අක්කපාන කොළ ඉස්මෙන් ගාන්න.

ඒ සඳහා මැල්ලුමක්

ලපටි පුවක් මල්, අමුකහ, ලුණු සමග කොටා මළවා අදාල ස්ථානයේ බඳින්න. ඉන් සන්ධි ආශ්‍රිතව පවතින තද බව දුරුවේ.

තවද වාත නාශක තෛල වර්ගයක් උණුසුම් කොට පුළුන් මත පොඟවා විනාඩි 30ක් පමණ සන්ධිමත එලා තබන්න.

ඔබේ සිරුරේ වැලමිට සන්ධිය, උරහිස් සන්ධිය, දණහිස්, කොඳුඇට පෙළ ආදී ඕනෑම ස්ථානයක මේ ආතරයිටිස් තත්ත්වය ඇතිවිය හැකිය. ඒ සඳහා මුල් අවධියේ නිසි පිළියම් යෙදීමෙන් රෝගය උත්සන්න වී ඇතිවන අපහසුතාවන්වලින් අත්මිදිය හැකිය.

සටහන – ශ්‍රියානි විජේසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.