Sep 04

මත්පැන්වලට වඩා සෙල්ෆි මතක ශක්තිය දුර්වල කරන බව ඔබ දන්නවාද?


ස්වයංරූප කාමය යනු වර්තමානයේ බොහෝ දෙනකු අතර පවතින රෝගයක් බව නොසිතන තරමේ මානසික රෝගයකි. ඇතැම් පාසල් දරුවන් තරුණ තරුණියන් වයස 35-50 අතර පසුවන්නන් මෙන්ම වියපත් ඇතැම් පිරිස්ද මෙම රෝගයට බහුල ලෙස ගොදුරු වී සිටිති. මෙම රෝගයේ ප්‍රධානම රෝගී තත්ත්වය වන්නේ තමන්ගේම රූපය දෙස නිතරම බලමින් ඒ කෙරෙහි අනුරාගයක් උපදවා ගැනීමය.

ස්වයංරූප කාමය වැලඳුණු රෝගීන් අන් අය කෙරෙහි කිසිදු තැකීමක් නොකිරීමත්, අන් අය නොසලකා හැරීමත්, සමීපතමයන් පවා අවතක්සේරුවට ලක් කිරීමත් සිදුකරති. සිය අභිමතය පරිදිම පමණක් කටයුතු කිරීම මෙම රෝගයේ සුවිශේෂී ලක්ෂණයකි. තමාටම වෙන්වූ පෞද්ගලික න්‍යාය පත්‍රයක් සකසා ගනිමින් ඒ අනුවම කටයුතු කිරීමට පෙලඹීම හා එම න්‍යාය පත්‍රය තුළ පරාර්ථකාමී බවට කිසිදු ඉඩක් නොතැබීම මෙම රෝගීන් අතර කැපීපෙනෙයි. ආත්මාර්ථකාමීත්වය වඩාත් ඉස්මතු වෙද්දී සමීපතමයන්ට මෙම රෝගීන් පෙනෙන්නේ හිතුවක්කාරීන් ලෙසටය.

මෙම තත්ත්වය ස්වයංරූප කාමය නම් භයානක සෙල්ෆි රෝගයේ ප්‍රායෝගිකව බරපතළම සිදුවීම් ඇති කිරීමට බලපෑම් කරයි. මහා මාර්ගයේ, දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී හෝ දැඩි වාහන හෝ මගී තදබදයක් පැවතුණද කිසිදු පොදු නීතියකට අවනත නොවෙමින් මාර්ගය හරහා යාමේදී රතු සංඥා එළිය පවා නොතකමින් ක්‍රියා කිරීමට මෙවැනි රෝගීන් පෙලඹේ. තමන් අන් අයට වඩා ඉහළින් සිටින බව මොවුන්ගේ මනස තුළට ඇතුළුවීම ස්වයංරූපකාම රෝගයේ විශේෂ ලක්ෂණයකි.

තම තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට වර්තමානයේදී ට්විටර් ජාලය භාවිත කරන්නන් බහුලය. ස්වයංරූපකාම රෝගයට ගොදුරු වූවන් ට්විටර් භාවිතයේදී තමන් පිළිබඳව අධි තක්සේරුවකින් කටයුතු කිරීමට පෙලඹී සිටිති. තමා තුළ කිසිසේත්ම නොමැකී යන යහපත් ගුණාංග හා අදහස් පවා තමා තුළ ඇති බව අන් අයට මතුකර පෙන්වීම මෙම රෝගයේ තවත් ලක්ෂණයකි. මෙමගින් විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් තමා කෙරෙහි වසඟ කර ගැනීමේ පරමාර්ථයද ඉස්මතු වේ.

මෙම රෝගය වැලඳුණු තැනැත්තන් නිතරම අධිතක්සේරුවකින් පසුවන අතර තම මතයන්ට එරෙහි වන්නන් වෙත ක්ෂණික කෝපයක් පිට කිරීම සිදුකරති. මෙහිදී පවතින මානසික තත්ත්වය අනුව තැන නොතැන බැලීමක් කිසිසේත්ම සිදු නොකර ක්ෂණික කෝපයක් ආරූඪ කර ගැනීමට වැඩි ඉඩකඩක් ලබාදේ.

තම මවුපියන් සහෝදර සහෝදරියන් හිතමිතුරන්, ඥාතීන්, අසල්වැසියන්, ගුරුවරුන් හා තම සේවා දායකයන් ඔවුන් වෙනුවෙන් තමා මත කිසියම් මිත්‍රශීලී හා මානුෂික වගකීම් පැවරෙන බව කිසිසේත්ම කල්පනාවට නොගැනීම මෙම රෝගය වැලඳුණු තැනැත්තන්ගේ විශේෂ ලක්ෂණයකි. කෙනකු මෙවැනි රෝගීන්ට යම් වගකීමක් පැහැර හැරි බවට චෝදනා කළහොත් එම පුද්ගලයන්ටම පෙරළා චෝදනා කිරීම මෙම රෝගීන් අතින් නිතරම සිදුවේ. යම් වරදක් තමන් අතින් සිදුවුවද එය අනුන් පිට පැවරීමට තරම් ධෛර්යක් ස්වයංරූප කාමයට ගොදුරුවූ රෝගීන් සතුය.

තම ජීවිතයේ අඩුපාඩුවක් පිළිබඳව කිසියම් උපදේශයක් දීමට උත්සාහ කරන යමෙකු වෙතොත් දැඩි ලෙස කෝප වන මෙම රෝගීන් වහාම එම විවේචනවලට එරෙහිව ක්‍රියා කරන්නේය. විවේචන ඉවසා ගත නොහැකි වන අවස්ථාවල තදින් කෝපයට පත්ව එවැනි තැන් මගහැරීමට කටයුතු කිරීම මෙම රෝගයට බඳුන් වූ පුද්ගලයන්ගේ සිරිතකි.

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් සිදුකළ සමීක්ෂණ කිහිපයකින්ම හෙළිවී ඇති තොරතුරුවලට අනුව ස්වයං රූපකාමය රෝගයට ගොදුරු වූවන් තුළ අවධානය අඩුකම, අසහනය, ඇස් නිලංකාර වීම, අසංවේදීතාවය, කිසිවෙකුට දැඩි ලෙස වශීවීම, දැඩි කාම ශක්ත බව,සාංකාව, සෙල්ෆි මේනියාව, ඇබ්බැහිකම් ඉහළයාම යන මානසික රෝග කිහිපයක්ද පැවතිය හැකිය.

ෆේස් බුක් (FACE BOOK) භාවිත කරන්නන් අතරද ස්වයං රූපකාම රෝගය බහුලව පවතින බව ඇමරිකාවේ මානසික වෛද්‍යවරුන් විසින් කරන ලද පර්යේෂණවලදී හෙළිවී තිබේ. මින් වඩාත්ම පැහැදිළිවම ‘අස්ථාවර පෞරුෂත්වය’ නම් රෝගී තත්ත්වයට ගොදුරු වීම බහුල වන බව ද අදාළ පර්‌යේෂණවලින් හෙළිවී තිබේ.

ස්වයං රූපකාමය බලවත්වන තරමටම ෆේස් බුක් අලුත් කිරීමටත් (Update) ලයික් කිරීමටත්, වර්ණනා ප්‍රකාශ වැඩි වශයෙන් ජාලයට යොමු කිරීමටත් පෙලඹීම බහුල වේ.

තමා විසින් තමාගේ ඡායාරූපයක් ගෙන එසැණින් තමාගේ ප්‍රසිද්ධිය සඳහා සිය ඡායාරූපය අන්තර්ජාලයට මුදාහරින්නන් තමන් පිළිබඳව පමණක් සිතන ආත්මාර්ථකාමී බවේ ප්‍රතිමූර්තියක් බව සමාජ විද්‍යාඥයන්ගේ පොදු මතය වේ.

මෑතකදී සිදුකළ පර්‌යේෂණ හා සමීක්ෂණවල ප්‍රතිඵල අනුව මත්පැන් පානයට ඇබ්බැහි වූ පුද්ගලයකුගේ මතක ශක්තිය ගිලිහී යාමටත් වඩා සෙල්ෆිවලට ඇබ්බැහිවූ තැනැත්තන්ගේ මතක ශක්තිය ගිලිහී යාම වේගවත් වන බව හා එමගින් පෞද්ගලික හා පවුල් ජීවිතයද සමාජීය වටිනාකම්ද ඉතාම පහළ මට්ටමකට පත්විය හැකි බවද සනාථ වී තිබේ.

අන්තර්ජාල තොරතුරු ඇසුරෙන් සකස් කළේ

රංජිත් ගුණවර්ධන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.