Sep
05
ගුත්තිල - මූසිල ලග අසුන්වලට ගියේ ඇයි..?
පසුගිය මහ මැතිවරණයේදී පොලොන්නරුවේ දේශපාලනය උණුසුම් කළ ප‍්‍රධාන චරිතයක් වූයේ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ වත්මන් ඉඩම් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතායි.
ගුත්තිල මූසිල සටන. උකුස්සන්ගේ කතන්දර දේශපාලන වේදිකාවේ අසන්නට ලැබිණි.
එහෙත් දැන් ඒ සියල්ල නිමය. ඔබ මේ දකින්නේ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වැඩිමල් සොහොයුරු වන ඩඞ්ලි සිරිසේන මහතාගේ පෞද්ගලික වියදමින් පොලොන්නරුව පැරකුම් උයන ප‍්‍රදේශයේ ඉදිකෙරුණු ‘ඇන්ජලා සිරිසේන මෙත් සෙවන’ වැඩිහිටි නිවාසය ඊයේ (4 දා) විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුහද පිළිසඳරක යෙදී සිටි අයුරුයි.