Sep 18

නංගි බලන්න මනාලයෙකු ආවැයි අක්කා කපුවාගේ ඔළුව පළලා


නැගණිය බැලීමට මනමාලයකු පැමිණීම ගැන උරණ වූ අක්කා කපුවාට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් රත්නපුරයේ ගම්මානයකින් අසන්නට ලැබේ.

තම වැඩිමහලු දියණියට මනාලයකු සොයන ලෙස දෙමාපියන් කපුවකුට භාර කොට තිබිණි. කපුවා මනාලයන් කීපදෙනකුම කැඳවාගෙන ආවද ඒ කිසිවකු ඇයට කැමැති නොවීය. ඒ අතරින් දෙදෙනකු බාල දියණිය ගැන විමසා ඇත. පසුව දෙමාපියන් කල්පනා කොට ඇත්තේ පළමුවෙන් බාල දියණියටවත් විවාහයක් කරදීමටය.

එම අදහස කපුවාට දැන්වීමෙන් පසු ඔහු බාල දියණියට සුදුසු මනාලයකු සොයාගෙන නිවසට පැමිණෙන දිනයක්ද යොදාගෙන තිබිණි. නියමිත දිනයේ කපුවා සමග මනාල පාර්ශ්වයේ උදවිය තරුණියගේ නිවසට පැමිණීමෙන් පසු නිවැසියන් විසින් පිළිගැන්වූ තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳිනු ලැබීය.

දෙපාර්ශ්වයේ අය සතුටු සාමීචියේ යෙදී සිටියදී කපුවා සිටියේ මිදුලේ බංකුවක් මතය. කෑගැසිල්ලක් ඇසී පිරිස වටපිට බලද්දී දැක ඇත්තේ කපුවා ඔළුව අල්ලාගෙන විලාප දෙන ආකාරයයි. ඔළුවෙන් ලේ ගලමින් තිබිණි.

කපුවා පවසා ඇත්තේ තරුණියගේ අක්කා තමාට පොල්ලකින් ගැසූ බවයි. මනාල පාර්ශ්වයේ අය නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් කපුවාට ප්‍රතිකාර කොට තිබේ.

ශ්‍රියන්ති බණ්ඩාර – එරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.