Sep 10

ආහාර දෙන්න බැරි නිසා දරුවන් තිදෙනා පාසල් එවන්න බැරි බව විදුහල්පතිට මවක් දන්වයි


තම දරුවන් තිදෙනාට කුසට ආහාර වේලක් ලබාදිමට නොහැකි තත්ත්වයක් මත තම දරුවන් තිදෙනා පාසලට එවිමට නොහැකි බව දුෂ්‍යය අබාධිත මවක් තමන් වෙත ලිපියක් යොමු කර ඇති බව ගිනිගත්හේන මධ්‍යම මහා විදයාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.

ගිනිගත්හේන බෝගල්කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනි නැමති 38 හැවිරිදි තිදරු මව උපතින්ම දුෂ්‍යය අබාධ රෝගයෙන් පෙලෙන අතර ඇගේ සැමියා මිට වසර දෙකකට පමණ ප්‍රථම හැටන්  ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදි ඔහුගේ හිස මතට ගලක් පෙරලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත.

සැමියා සේවය කල පෞද්ගලික ආයතන විසින් තමන් පදිංචි  නිවස ඉදි කර දුන් බවත් , අසල්වාසින්ගේත් නැ හිතවතුන්ගෙත් , රජය මගින් ලබාදෙන සමෘද්ධි සහනාධාර මතත් තම දියණියක් දෙදෙනා සහ පුතාව රැක බලාගෙන දැඩි ආර්ථික අපහසුතා මැද්දේ පාසල් යවන බවයි නිරෝෂා ප්‍රියංගනි මහත්මිය පවසන්නේ.

නිරෝෂා ප්‍රියංගනි මහත්මියගේ වැඩිමහල් දියණිය ගිනිගත්හේන මධ්‍යම විදයාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර , ඇයගේ තවත් දරුවන් දෙදෙනෙක් ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබමින් සිටියි.

ගිනිගත්හේන මධ්‍යම මහ විද්‍යාලයේ සහ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් විසින් ලබාදෙන ආහාර පාන එම ළමුන්ට පාසල් කාලයේදි ලබාදෙන බවත් , එය තාවකාලික විසදුමක් නිසා එම ළමුන් තිදෙනාගේ පාසල් දිවිය රැක බලා ගැනිමට කිසියම් අයෙකු හෝ අයතනයක් ඉදිරිපත් වන ලෙසයි විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා ඉල්ලා සිටින්නේ.

වැඩිමහල් දියණිය නිවසේ වැඩ කටයුතු සිදු කර ගනිමින් තම මව සහ නැගණිය සහ සොහොයුරා රැක බලා ගනිමින් ගුරුවරුන් ලබාදෙන ආහාර පාන අනුභව කරමින් පාසල් යන බවත් , පාසල් නිවාඩු කාලයේදි තමන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි බවයි නිරෝෂා  ප්‍රියංගනි මහත්මිය කියා සිටින්නේ.

තිදරු මවගේ ලිපි ලද විගස ගිනිගත්හේන මධ්‍යම මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ උපදෙස් මත එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනි ගයානි වික්‍රමසිංහ මහත්මිය (09) දින එම නිවසට ගොස් මේ පිලිබදව සොයා බැලිමක්ද සිදු කරනු ලැබුහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (5)

Loading... Logging you in...
  • Logged in as
මේ වගේ එකක් දානකොට ඒ මිනිස්සු ඉන්න තැනක ඇඩ්‍රස් එකක්වත් දාන්ඩ.පුළුවන් කෙනෙක් උදවු කරයිනෙ
සමීර's avatar

සමීර · 251 weeks ago

දැන් ළමයින්ගෙ දෙමව්පියන්ට පාසලේ ගුරුවෘත්තියේ යෙදෙන හාමුදුරුවරුන්ට දානය ....බාරදීම දගී දුප්පත් ජනතාව පිට බරක් පැටවීමක්මය .....වෘත්තියට මුදලක් රජයෙන් ගෙවනුලබද්දීත් ළමයි සහ දෙමපියණන් අසරණ තාවයට පත්වෙන මෙවැනි දෑ අනුමත කිරිම එක අතකින් අසාධාරණ ක්‍රියාවලියකි...
සේරම්'s avatar

සේරම් · 251 weeks ago

ඉන්න තැනක් , ලිපිනයක් හො සොයා යන්න තැනක් සන්දහන් කරොත් උදව්වක් කරන්න පුලුවන් අය බොහෝ ඉන්නවා, මෙහෙම දෙයක් දාන විට , එවා සොයා බලා පාටකයා දෙනුවත් කරන්න, උදව් කල හැකි අය එමට ඉන්නවා
Shrama Vasana Fund's avatar

Shrama Vasana Fund · 251 weeks ago

වෘත්කතීය අනතුරකින් මියගිය සේවකයකුගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දිය හැකි බැවින් අදාල අයදුම් පත් එවීමට විදුහල් පති තුමාගේ ෆැක්ස් අංකය හෝ E Mail ලිපිනය එවන්න. නැත්නම් අයදුම් පත down load කරගන්න මෙතනින්. http://www.svf.gov.lk (scholarship application application) ශ්‍රම වසනා අරමුදල , අංක 97, ජාවත්ත පාර, කොළඹ 05.
I’m willing to give them a monthly allowance to cover food expenses. Please send months account details or please contact me though my email address thanks.

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.