Sep
23
කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට
කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් තේරී පත්ව තිබෙනවා. ඒ, එම කමිටුව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා මහාචාර්ය චරිත හේරත්ගේ නම යෝජනා වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර විසින් එය ස්ථිර කර තිබෙනවා.
රාජ්‍ය ආයතන 30 ක විගණන විමසුම් ඉදිරි කාල සීමාවේදී කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව, කෝප් කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
නව තනතුරේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
කෝප් කමිටුවේ සියළු සාමාජිකයින් සමග එක්ව එහි ඉදිරි කටයුතු කි‍්‍රයාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.