Sep 06

වලව්ව පෙනෙන මානයේ මහ පාරේ නිදාගත් කෝටිපති කුමාරිහාමිට වෙච්ච දෙයක්


ඇයගේ ළමා විය සියලූ සැප සම්පත් ආදියෙන් පිරුණු කුමර දිවියක් බඳුය. සිය දෙමාපියන් සතු මහා ධනස්කන්දයක කොටස් කාරියක් වන ඇය වලව්වක උපන් කුමාරිහාමියක් ලෙස තම ජීවිතයේ ළමා වියත් ඉන් අනතුරුව එළඹි යොවුන් වියත් ගත කරනු ලබන්නේ කෙදිනකවත් මෙවැනි විපතකට පත්වනු ඇතැයි සිහිනයෙන් වත් නොසිතූ තැනැත්තියක් පරිද්දෙන්ය.

එහෙත් ජීවිතය යනු මහා පුදුමාකාර දෙයක් බව ඇයට පසක් වන්නට ගන්නේ තම ජීවිතයේ සැඳෑ සමය එළඹීමත් සමගය. ඒ අනුව දීර්ඝ කාලයක් සියලූ සැප සම්පත් හිමි වලව් දිවියට ආයුබෝවන් කියන ඇය ඉකුත් දිනක තම ජීවිතයේ සැන්දෑව ගත කිරීම පිණිස කිසිවෙකුත් අයිතියක් නොකියන මහ මගට පිවිසෙන්නේ කාත් කවුරුත් නැති අන්ත අසරණියක් ලෙසටය.

ඒ අනුව ගම්පොල ලංගම බස් නැවතුම්පළ සිය තාවකාලික වාසස්ථානය බවට පත් කරගත් මෙම වියපත් කත එහි රැඳී සිටිමින් රැය දහවල ගත කරන්නට තීරණය කරනු ලබන්නේ තෝරා ගැනීම පිණිස ඇයට වෙනත් විකල්පයක් නොවූ තැනය. කෙසේ වෙතත් බැලූ බැල්මට යාචක කාන්තාවකගේ ස්වරූපය ඇයගෙන් ප‍්‍රදර්ශනය නොවීමත් ඉතාමත් පිරිසිදු සහ පිළිවෙළින් යුත් ඇවතුම් පැවතුම් ඇය තුළින් දිස්වීමට ගැනීමත් හේතුවෙන් බස් නැවතුම් පළේ රැඳී සිටීම සම්බන්ධව ඇයට කිසිවෙකුගෙන් විරෝධතා එල්ල නොවීම මෙම කතාවේ එන විශේෂ සිදුවීමක් විය.

මේ සිදුවීම් පෙළ සිදුවන අවස්ථාව වනවිට ඇය සන්තකයේ ගමන් මල්ලක් පමණක් තිබී ඇති අතර ඇය විසින් එය ඉතාමත් සුපරීක්‍ෂාකාරීව තබා ගන්නා ආකාරය ඇය පිළිබඳව විමසිලිමත් දෑසින් පසුවූ බොහෝ දෙනෙකුට දැකගත හැකි සිදුවීමක් බවට පත්ව ඇත. දිනක් දෙකක් එලෙස බස් නැවතුම්පළ තුළ කල් ගත කරන මෙම වියපත් කාන්තාව පිළිබඳව විමසිලිමත් වන ගම්පොල ලංගම ඩිපෝ කළමනාකරු නවරත්න බණ්ඩාර මහතා ඇයට රාත‍්‍රිය ගත කිරීම පිණිස ඩිපෝ පරිශ‍්‍රයේ පිහිටි වේලා සටහන් කාමරයේ කුඩා ඉඩක් වෙන් කරනු ලබන්නේ ඇය තුළින් දිස්වන වියපත් බවට කරන ලද ගෞරවයක් පිණිසය.

මෙම වියපත් කාන්තාවට තවත් නොසිතූ ඇබැද්දියකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒ අතරතුරදීය. ඇය විසින් කිසිසේත් අපේක්‍ෂා නොකළ ආකාරයට ඇය සතු ගමන් මල්ල කිසිවෙකු විසින් පැහැර ගෙන යෑම ඇයට එවර මුහුණ දීමට සිදු වූ ඇබැද්දිය විය. එම සිදුවීමට ඇයට මුහුණ දීමට සිදුවන්නේ ඉකුත් 29 දා රාත‍්‍රී කාලයේදීය. එම සිදුවීම පිළිබඳව ගම්පොල පොලිසියට කරුණු වාර්තා වීමත් සම`ග පොලිස් පරීක්‍ෂණ කටයුතු ආරම්භ වී ඇත. එහිදී පොලිසිය විසින් ඇයගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඇය විසින් පවසා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් තමන් සතුව පැවැති ගමන් මල්ල පැහැරගෙන ගිය බවත් එම ගමන් මල්ල තුළ රුපියල් ලක්‍ෂ අටක පමණ මුදලක් රන් මාලයක් රන් වළලූ හයක් සහ බැංකු පොත් ඇතුළු තවත් වැදගත් ලියකියවිලි කීපයක් තිබූ බවත්ය.

යාචක කාන්තාවක් ලෙස එතෙක් දිනක් බස් නැවතුම් පොල තුළ දිවි ගෙවමින් සිටි ඇය පිළිබඳව පොලිසිය වැඩි දුරටත් විමසිලිමත් වන්නේ ඉන් අනතුරුවය. මේසා විසල් මුදලක් රන් බඩු තොගයක් සන්තකයේ තබා ගනිමින් මහමග කල්ගත කරන ඇය කවුද? යන්න පිළිබඳව පොලිසිය විසින් කරන ලද සොයා බැලීමේදී මෙම වියපත් කාන්තාව පිළිබඳව එකින් එක තොරතුරු වාර්තාවන්නට ගන්නේ කිසිවෙක් කිසිසේත් විශ්වාස නොකළ ආකාරයේ විස්තර රැසක්ද සමගින්ය.

ඒ අනුව ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න මහතා විසින් මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම පිණිස උපපොලිස් පරීක්‍ෂකවරයෙක් වූ මාගෙදර මහතාට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව පරීක්‍ෂණ ආරම්භ කරන උප පොලිස් පරීක්‍ෂකවරයා විසින් කාන්තාව සතු ගමන් මල්ල පැහැර ගන්නා ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ගමන් මල්ලේ තිබූ මුදල් හා රන් භාණ්ඩ සැකකරු විසින් ලබා ගැනීමෙන් අනතුරුව එම ගමන් මල්ල කසළගොඩක ස`ගවා තබා ඇති බවක්ය. ඒ අනුව පොලිසිය විසින් එම ගමන් මල්ල සොයා ගනු ලබන්නේය. එය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හමු වූ ලියකියවිලි ආදියෙන් තහවුරු වී ඇත්තේ මෙම කාන්තාව සතුව රුපියල් ලක්‍ෂ 65 ස්ථිර තැන්පතුවක් ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැහැර ගන්නා ලද මුදලින් රු.75,000 ක් සහ රන් භාණ්ඩ කීපයක්ද සැකකරු සන්තකයේ තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත. මෙතරම් ධනස්කන්දයක් හිමි එම වියපත් කාන්තාව පිළිබඳව වැඩිදුරටත් විස්තර අනාවරණය වීමට පටන් ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

ඒ අනුව මෙම කාන්තාව එම ප‍්‍රදේශයේ ජීවත් වූ වංශවත් කාන්තාවක්ය. අවිවාහක ජීවිතයක් ගත කර ඇති ඇයට ඉහළ පවුල් පසුබිමක් පැවැතී ඇති අතර ගම්පොළ බස් නැවතුම් පළ අසල පිහිටි මහල් ගොඩනැ`ගිල්ලක හිමිකාරීත්වයද කලක් ඇය සතුව පැවතී ඇත. පසුකලෙක එම මහල් ගොඩනැ`ගිල්ල ඇය විසින් වෙනත් පුද්ගලයෙකු හට රුපියල් ලක්‍ෂ 40 පමණ අලෙවි කොට ඇත. මෙම තොරතුරු එම වියපත් කාන්තාව විසින් තහවුරු කරන ලද කරුණුය. එහිදී එම කාන්තාව විසින් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ තමන් ගිරිකන්ද යාපා කුමාරිහාමි නමින් හැඳින්වූ තැනැත්තිය බවත් කෑගල්ල බෙලිගම්මන වලව්ව හා උඩුනුවර බඹරදෙනිය වලව්ව හා තම සමීප ඥාති සබඳකම් පවතින බවත්ය. මෙම කාන්තාව විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තමන්ට සහෝදර සහෝදරියන් පිරිසක්ද සිටින බවත් ඔවුන් ප‍්‍රදේශයේ වංශවත් ජීවිත ගත කරන පිරිසක් බවත්ය. වයස අවුරුදු 80 ක පමණ පෙනුමින් යුත් මෙම වියපත් කාන්තාව තවමත් ප‍්‍රසන්න පෙනුමකින් යුක්තව තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට සමත්කම් දක්වන්නියකි.

ඇයගේ ජීවිතය පිළිබඳ විමසිල්ලෙන් බලන කළ පෙනී යන කරුණක් බවට පත්වන්නේ කතා බහ කළ නොහැකි මිල මුදල් වතු පිටි කොතෙක් තිබුණද ඉන් පලක් නොවන බවත් ජීවිතය යනු කලින් සැලසුම් කළ නොහැකි සංසිද්ධියක් බවත්ය.

රුවන් ජයවර්ධන
ගම්පොල සුරංග දිල්හාන්
දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.