Sep 06

අත්අඩංගුවට පත් හෙරොයින් ජාවාරම්කරුවෝ (වීඩියෝ)


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් එඩේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් මිලියන 183කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් කිහිපයක් ද සොයාගත් බවය.

මේ අතර පානදුර ප්‍රදේශය මූලික කරගනිමින් සිදුකෙරුණු මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනාගෙන එහි සාමාජිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව අද (05) අළුයම මෙම වැටලීම සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී පළමුව පානදුර මහනාම හන්දිය ප්‍රදේශයේදී පෙදරේරුවෙකු හෙරොයින් මිලිග්‍රෑම් 60 ක් සමග අත්අඩංගුවට ගත් බවය.

අනතුරුව ඔහුට හෙරොයින් අලෙවි කළ ත්‍රී රෝද රථ රියදුරෙකු මහනාම මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රී රෝද රථ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ වලාන ප්‍රදේශයේ තේ කඩයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් ඊසි කෑෂ් ක්‍රමය යටතේ මුදල් ලබාගෙන හෙරොයින් අලෙවි කරන බවය.

ඒ අනුව අදාළ තේ කඩය පවත්වාගෙන යන පුද්ගලයාගේ පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂාකර තිබේ.

පොලීසිය පැවසුවේ, එහිදී හෙරොයින් ග්‍රෑම් 424 ක් සොයාගත් බවය.

පසුව ඔහු සමග සම්බන්ධ වී මෙම ජාවාරම මෙහෙය වූ බවට සැකකෙරෙන තවත් අයෙක් හෙරොයින් ග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් සමග එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී හෙරොයින් අලෙවියෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 31,000 ක මුදලක් ද සොයාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු විසින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවය.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ඊයේ එඩේරමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ කල්ලි නායකයෙකු වන දැනට විදේශගතව සිටින දිනුක මදුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු වන 23 හැවිරිදි කෙසෙල්වත්තේ කසුන් නැමැති පුද්ගලයෙකි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 680ක්, සොයාගෙන ඇති අතර ලොරියක්, යතුරු පැදි 3ක් සහ තියුණු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් මිලියන 183කට අධික මුදලක් ඔහුගේ ජංගම බැංකු ගිණුම් කිහිපයක සංසරණය වී ඇති බවට ද අනාවරණ වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.