Sep 01

තරුණියකගේ සිරුර තුළ සිටි අඩි 04ක් දිග "සර්පයෙකු" මුඛයෙන් එළියට ගනියි (වීඩියෝ)


අඩි 04ක් පමණ දිගින් යුත් සර්පයෙකු තරුණියකගේ මුඛයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මෙම තරුණිය සිය නිවසේ පසුපස පිහිටි උද්‍යානයෙන් නිදාගෙන සිටින අවස්ථාවේදී මෙම සර්පයා ඇගේ මුඛය හරහා ශරිර අභ්‍යන්තරයට ඇතුල්වන්නට ඇති බවයි වෛද්‍යවරුන් සැකපළ කරන්නේ.

රුසියාවේ, ඩේගස්ටන් ප්‍රදේශයේ ජිවත් වන මෙම තරුණියට නින්දෙන් අවදිවිමෙන් පසුව ඇතිවූ අපහසුතාවයක් හේතුවෙන් ඇය රෝහල කරා රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් ඇයව නිර්වින්දනයට ලක් කොට සිදුකළ පරික්ෂා කිරීමේදී ඇයගේ ශරීරය තුල සිටි සර්පයා ගැන අනාවරණය වී ඇත.

මෙම ශල්‍යකර්මයට සහභාගිවූ වෛද්‍යවරුන් මෙම තරුණියගේ ශරීරයේ අභ්‍යන්තරයේ සිටි සර්පයා මුඛය තුලින් පිටතට ගැනීමේදී දැඩි සේ භීතියට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඩේගස්ටන් ප්‍රදේශයේ පුද්ගලයින් 11,500 කට ආසන්න පිරිසක් ජිවත් වන අතර එය මුහුදු මට්ටමේ සිට අඩි 4,165ක් උසින් පිහිටා තිබෙනවා.

මෙම ප්‍රදේශයේ ජිවත්වන වැඩිහිටියන් නිරන්තරයෙන් තරුණ තරුණියන්ට එළිමහනේ නිදා නොගන්නා ලෙසට අනතුරු ඇඟවීම් සිදුකරන බවත් මේ ආකාරයේ සර්පයින් පුද්ගලයින්ගේ සිරුරූ තුලට ඇතුල්වීමේ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බවයි විදෙස් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.