Sep 01

විදේශයන්හි සිට එන පිරිස් අතර කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම බැරෑරුම්ව සිතිය යුතුයි


විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම හරහා සමාජය තුළට කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්විමට අවශ්‍ය පරිදි කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අද උදෑසන දිනයේදී හමවූ කොරෝනා ආසාදිතයන් 22 ත් සමගින් ගතවූ පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයන් 59 දෙනෙකු හමුවීම බැරෑරුම්ව සිතිය යුතු බවයි මෙහිදී හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ.

ඉකුත් අප්‍රේල් 30න් පසු මේ දක්වා සමාජයෙන් කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන නැහැ. එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා බව මෙහිදී යුද හමුදාපතිවරයා කියා සිටියා.

" විදේශයන්හි සිටින සියලු ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ආ යුතුයි. ඒත් එය සිදුකරන්නේ ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයකට අනුව. ගුවන් යානයක එකවර පුද්ගලයින් 200ක් - 300ක් රැගෙන එනවා. එහෙම එන ගුවන් යානා තුළ මේ ආකාරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමෙන් ඒ තත්ත්වය වෛරසය පැතිරීමේ අවදානම වැඩි නිසා යම් පාලනයකට යටත්ව ඉදිරියේදී විදෙස්ගත ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට සිදුවෙනවා.“

“විදෙස් රටවල සිටින මෙන්ම ලංකාවේ ජනතාවද මේ තත්ත්වය තේරුම් ගත යුතු බව “ මෙහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

"කණගාටුදායක කරුණ නම් අපේ ජනතාව ඇතැම් ස්ථානවල ගැවසෙන්නේ රටින් කෝවිඩ් සදාකාලිනව තුරන් කළා වගේ. මේ වන විට සමාජයේ කෝවිඩ් පැතිරීම් සිදුවන්නේ නෑ. අපි මේ තත්ත්වය උදාකරගත්තේ බොහෝ කැපවීම් කරලා. ලෝකයේ කෝවිඩ්-19 පාලනය  කිරීම අතින් සාර්ථකම රට ශ්‍රී ලංකාව. ඒත් පිටරටින් එන අයගෙන් බෝවීම් වාර්තාවන නිසා තමා අපේ නම ඉහළින් සඳහන් නොවන්නේ. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා පෙර සේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ගැන හිතල බලන්න. දැන් දින දෙකකට පෙර ලෝකයේ දවසක් තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා උනේ ඉන්දියාවෙන්" යුධ හමුදාපතිවරයා කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.