Sep
01
කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට එක්වන අල්ටයර් (Photos)
කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට එක්වන අල්ටයර් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සියයට 70 කින් පමණ මේ වනවිට අවසන් කර තිබෙනවා.
බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරෙන මෙම නේවාසික සහ වානිජ ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (31) පස්වරුවේ නිරීක්‍ෂණයටද ලක් කළා.
අධිසුඛෝපභෝගි නිවාස 404 කින් සහ ඉහළ ප‍්‍රමිතියේ සාප්පු සංකීර්ණයක්ද අයත් මෙම ගොඩනැගිල්ල කුළුණු දෙකකින් සමන්විතයි.
නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙවැනි ඉදිකිරීම් සංචාරක ආකර්ශණයට හේතු වන බවයි. එහි ඉතිරි වැඩ ජනවාරි මාසය වනවිට නිම වනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්‍ෂා කර තිබෙනවා.