Sep
18
අයවැය විවාදය අතරතුර අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තායිලන්ත පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය දර්ශන නරඹමින් සිටි මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් වන පුවතක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට අයවැය වාර්තාව සම්බන්ධයෙන්, පැවැති විවාදයක් අතරතුරයි ඔහු මෙලෙස අදාළ වීඩියෝව නරඹා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ, කාන්තාවක් තමන්ට යැවු පුවත් සබැඳියකට පිවිසීමෙන් මෙම වීඩියෝව තිබු බවත්, එහිදී කවුරුන් හෝ අදාළ කාන්තාවට බලහත්කාරකමක් සිදු කරන්නේ ද යන්න බැලු බවයි.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.