Sep 29

තරුණයින් මතින් ඈත් කර ක්‍රීඩාවට ළං කරගන්නවා - ඇමති නාමල් පොරොන්දු වෙයි


ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසන් වටයේ තරඟ පසුගිය සති අන්තයේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අවසන් වුණා. ඒ  රදාවාන ගෝල්ඩන් බර්ඩ් කාන්තා කණ්ඩායම හා ගම්පහ සියනෑ තරු පිරිමි කණ්ඩායම ශූරයින් බවට පත් කරමින්. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් කාන්තා හා පිරිමි අවසන් මහා තරඟයන්ගෙන් ඉහත කණ්ඩායම් රනින් සැරසෙද්දී එහි අනුශූරයින් වූයේ මහ-උස්වැව රත්නපාල කාන්තා කණ්ඩායම හා දෙබෑගම රන්තරු පිරිමි කණ්ඩායමයි.

පුරා වසර 104කට වඩා පැරණි අපේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ඉහළටම ඔසවා තැබීම සඳහා ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියට අඛණ්ඩව 15 වන වරටත් අනුග්‍රහය දක්වන්නේ  Dialog Axiata ආයතනයයි. එමෙන්ම සති අන්තයේ පැවති අවසන් මහා තරඟ නැරඹීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාද එක්වී තිබීම විශේෂත්වයක්.

එම අවස්ථාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සුහද කතා බහකට එක්වූ ඇමතිවරයා ඉන් අනතුරුව වෘත්තිමය ක්‍රීඩකයින් බිහිකිරීමටත් ජාත්‍යන්තර ජයග්‍රහණය ලබාගැනීමටත් ගාල්ලට වොලිබෝල් කේන්ද්‍රස්ථානයක් ලබාදීමට මෙහිදී කටයුතු කරනු ලැබුවා.

ඒ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් පිටුවේ හා ට්විටර් ගිණුමේද සදහන් කර තිබුනේ මේ අයුරින්....


''වොලිබෝල් අපේ ජාතික ක්‍රීඩාව වන අතර ජනාධිපති රන් කුසලානය එහි වඩා තරගකාරීම තරගාවලියයි. Dialog Axiata සමාගම මෙම ක්‍රීඩාවට අඛණ්ඩව අනුග්‍රාහකත්වය දීම ගැන සතුටු වනවා. වෘත්තිමය ක්‍රීඩකයින් බිහිකිරීමටත් ජාත්‍යන්තර ජයග්‍රහණය ලබාගැනීමටත් ගාල්ලේ වොලිබෝල් කේන්ද්‍රස්ථානයක් ලබාදීමට මා කටයුතු කළා. වසර 104 ක් පැරණි වොලිබෝල් සදහා මෙතෙක් ජාතික කේන්ද්‍රස්ථානයක් (Volleyball House ) නොතිබුණු අතර එම ජාතික අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ලැබීම ගැන අමාත්‍යවරයා ලෙස මා සතුටු වනවා. #ජයගමු

#VOLLEYBALL is our national sport & the Presidents Cup it’s most coveted trophy! I am glad to see corporates like @dialoglk continue to support the sport. I commissioned a high performance center for Volleyball in Galle to help further develop the sport. #ජයගමු''

එමෙන්ම වත්මන් තරුණ පරම්පරාව ක්‍රීඩාවෙන් ඈත්වීමේ ප්‍රවනතාවය පිළිබඳවද ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කර සිටි අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා පවසා සිටියේ අපට මේ අවස්ථාවේ ඇත්තේ ඔවුන් මතට ලං කරනවාද, පිට්ටනියට ලං කරනවාද යන අභියෝගය බවයි. එය ජයගනිමින් තරුණ පරම්පාරාව පිට්ටනිය වෙත සමීප කිරීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විටත් භාරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

සති අන්තයේ පැවති අවසන් මහා තරඟවල ඡායාරූප එකතුව පහතින්...











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.