Sep
29
වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන් 59ක් මාට්ටු
පාලන මිල ඉක්මවා පොල් අළෙවි කරන වෙළදුන් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඊයේ දිනයේද දිවයින පුරා එළෙස සිදුකළ වැටලීම්වලින් ව්‍යාපාරිකයින් 59 කට එරෙහිව නඩු පැවරීමටයි කටයුතු කර තිබුණේ.
පොල් ගෙඩියේ වට ප‍්‍රමාණය මත පදනම්ව මෙලෙස පොල් සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවූයේ වෙළදපොලේ පොල් මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්. පොල් ඵලදාවේ අඩුවීමද ඊට එක් හේතුවක් බවයි සොයා බැලීමකදී හෙළි වුණේ.
සම්බන්ධයෙන් පොල් වගා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා කියාසිටියේ රජයේ ඉඩම්වල ඵලදාව මින් පසු පොල් වෙන්දේසිවලට ලබානොදෙන බවයි.
වට ප‍්‍රමාණය අගල් 12 සිට 13 ට වඩා වැඩි වන පරිදි රුපියල් හැටේ සිට 70 දක්වා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කිරීමටයි ඉකුත්දා පියවර ගැණුනේ.