Sep
09
මෙරට රන් මිල 15%කින් අඩු වෙයි
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තුළින් රන් භාණ්ඩ මිල ද ඉදිරියේදී අඩුවනු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ස්වර්ණ අභිමානී රන්කම් එකමුතුව පවසනවා.
ඒ අනුව රන් පවුමක මිල සියයට 15 කින් පමණ අඩු වනු ඇති බවයි එහි සභාපති විසුම් මාපලගම ප‍්‍රකාශ කළේ.
මෙම බදු සහනය හරහා ස්වර්ණාභරණ ශිල්පීන්ට ප‍්‍රතිලාභයක් ද හිමිවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.