Sep
30
රිය අනතුරු කිහිපයක් සිදුකර පළා යෑමට තැත්කළ බීමත්ව සිටි රියදුරෙක් (වීඩියෝ)
බීමතින් වෑන් රියක් පදවා රිය අනතුරු කිහිපයක් සිදුකර පළා යමින් සිටි රියදුරෙකු ප්‍රදේශවාසීන්ගේ පහර කෑමකට ලක්වූ පුවතක් පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
පානදුර මහබෙල්ලන තොටුපොල පාරේදී පාසැල් සිසුවෙක් අනතුරට ලක්කට පළා ගිය රථය මහබෙල්ලන මංසන්ධියේදී ත්‍රිරෝද රථයක ගැටී දෙදෙනෙකුට තුවාල සිදුව ඇති අතර එම ස්ථානයෙන් ද පළා යන අතරේදී එම රථය අලුබෝමුල්ල ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී නතරවී තිබේ.
එහිදී කුපිත වූ ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ රියදුරු සිය ඇඳුම් ද උනා දමා පළා යෑමන්නට උත්සහ කිරීමේදී පොලීසියේ මැදිහත්වීමෙන් සුවසැරිය ගිලන් රථයක් මගින් ඔහුව රෝහල්ගත කර තිබේ.