Sep
30
දින 22 ක දරු පැටියා ඇකයේ හොවාගෙන සොරකමේ යෙදුණු තරුණ යුවළ
දින විසිදෙකක් වූ තම කුළුදුල් දරු සිඟිත්තිය අතැතිව යතුරු පැදියෙන් ගොස් කොල්ලකෑම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සොරකම් රැුසක් සිදු කරන තරුණ යුවළක් වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 25 වෙනි දින සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. ඉකුත් 22 වෙනි දින යතුරු පැදියකින් සිඟිති දැරිය ද සමග මෙම යුවළ දංකොටුව නගරයේ බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිටි කාන්තාවක් රවටා ඇය යතුරුපැදියේ නංවාගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇය පැළඳ සිටි රන් මාලය, කරාබු සහ ඇය සතුව තිබූ මුදල් පැහැර ගෙන පලා ගොස් තිබේ.
මේ සම්බන්ධව එම කාන්තාව වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදු කළ විමර්ශනවල දී මෙම යුවල වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලකන ලද රුපියල් 92,500 ක් වටිනා රන් ආභරණ සොරකම් කරන ලද යතුරුපැදි 2ක් සහ හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 310 ක්, රූපවාහිනී යන්ත්‍රයක් ඔවුන් සතුව තිබී පොලිස්භාරයට ගෙන තිබේ.
මෙම යුවළ වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි අය වේ. අත්අඩංගුවට පත් අය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පෙරේරා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රනුක වික්‍රමසිංහ, පොලිස් සැරයන්වරුන් වන (9387) ජයරත්න, (36561) මංජුල, (55021) ආරියවංශ, (41386) සීරුවන් පොලිස් කොස්තාපල්වරුන් වන (22380) වික්‍රමසිංහ, (54923) සාන්ත, කාන්තා පොලිස් කොස්තාපල් (10309) හර්ෂා සහ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළහ.
අමරනන්ද විජේසේකර