Aug 14

ඒ මල්ලි මට වඩා ගොඩක් බාලයි - බිරිදට වුනු අකරතැබ්බය


ආදරේ කර විවාහ වුවත් තේරුම් ගැනීම්, විස්වාසය, අවබෝධය නැති තැන පවුල් ජිවිතේ විනාශයට පත් විය හැකි බව බොහෝ දෙනෙක් දන්නවා. නිල්මිණි කියන්නෙත් වසර ගණනාවක් ආදරේ කරලා විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්න අම්මා කෙනෙක්. රැකියාව කරන්නේ මුල්‍ය ආයතනයක. සැමියා යුධ හමුදා නිලධාරියෙක්. දරුවා ඉපදිලා වසර තුනක් යනතුරු ඔවුන් අතර කිසිදු ගැටුමක් ඇති වුනේ නැහැ. කාලය ගෙවී යද්දී ඔහු නිරන්තරයෙන්ම ඇයව තාඩන පීඩන සදහා ලක් කළා.

"අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියේ..එයා ඇත්තටම හොද සැමියෙක්..කිසිම වැරදි දෙයකට යොමු වෙන්නේ නැහැ..නමුත් එක පාරටම එයා මාව සක කරන්න පටන් ගත්තා..දවසක් දෙකක් මම ඉවසුවා එයා ගෙදර එන්නේ මාසෙකට එක වතාවක් නිසා..ඒ නිසා එයා දුක් වෙනවා ඇති කියලා හිතලා.. දවසක් අපේ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගියා.. මම මහත්තයාගෙන් ඇහුවා යන්නද කියලා..එයා මට කිසිදෙයකට බාධා කරන්නේ නැහැ යන්න කිව්වා..මම පුතාව අම්මලාගේ ගෙදර තියලා ගියා..එක දවසින් එන නිසා..අපි හොදට විනෝද වුනා..මම ෆේස්බුක් පාවිච්චි කරනවා..නමුත් අලුත් අලුත් ෆොටෝස් එහෙම දාන්නේ නැහැ..අපි ගිය ට්‍රිප් එකේ ෆොටෝස් මගේ යාලුවා ෆේස්බුක් දාලා මාවත් ටැග් කරලා...

ඒ එකකවත් මම තනියම නැහැ..යාළුවො එක්ක ඉන්නේ..එක ෆොටෝ එකක මගේ හොදම යාළුවයි මමයි හිටියේ..ඒ ෆොටෝ එකට අපේ ඔෆිස් එකේ පිරිමි ළමයෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හරිම ලස්සනයි කියලා..ඒ ළමයා මට වඩා අවුරුදු හයක් හතක් බාලයි..ලස්සන ළමයෙක්..එයා දාලා තිබ්බ හැම ෆොටෝ එකකටම ලයික් කමෙන්ට් කරලා තිබ්බා..මගේ මහත්තයා මට කෝල් කරලා බැනගෙන බැනගෙන ගියා..එයා බනින්නේ ඇයි කියලා මම දන්නේ නැහැ..මම ඇහුවා ඇයි නිකරුනේ මට බනින්නේ කියලා..එයා අර පිරිමි ළමයාව මට පාවලා බනිනවා..මම එයා එක්ක සම්බන්ධයක් පවත්වනවා කියලා එයා දන්නවා කිව්වා..එහෙම දෙයක් නැහැ කිව්වට විස්වාස කරන්නෙම නැහැ...මම කියන කිසිදෙයක් පිළිගන්නේ නැහැ..ඒ විදිහට එක එක කතා කියලා බනිනවා.."

අවසානයේ නිල්මිණිගේ සැමියා ඇය යන එන තැන් වේලාවන් සොයා බලන්න උත්සහ ගත්තා. ඔහු බිරිදට අනියම් සම්බන්ධයක් ඇති බවට තහවුරු කර පෙන්වන්න උත්සහ කළා. නමුත් නිල්මිණි ඒ කිසිවක් ගණන් නොගෙන නිවසේ හා රාජකරියේත් දරුවාගේ වැඩකටයුතුත් කරගෙන හිටියා.

"දවසක් එයා නොකියා ගෙදරට ආවා.. දොර අඩවල් කරලා තිබ්බේ..මම ඇදේ හාන්සිවෙලා කෝල් එකක හිටියේ..මම කතා කරේ අපේ අම්මා එක්ක..එයා එද්දී මම හයියෙන් හිනාවෙවී කතා කරගෙන හිටියේ..එයා කාමරේට පැනලා මට ගහගෙන ගහගෙන ගියා..එයා හිතලා තියෙන්නේ මම කොල්ලෙක් එක්ක කතා කරනවා කියලා..මම ගත්ත ඇමතුම කාගෙන්ද කියලා එයා චෙක් කරලා බැලුවා..අම්මා කියලා නම්බර් එක සේව් කරලා තිබ්බේ..හොර මිනිහගේ නම්බර් එක අම්මා කියලා සේව් කරලා මට බොරු කරන්න එනවා කියලා ෆෝන් එක පොළොවේ ගැහුවා..හොද වෙලාවට ඒකට මොකුත් වුනේ නැහැ..

මම ෆෝන් එක අරගෙන ඒ නම්බර් එක ඩයල් කරලා ස්පිකර් දැම්මා..එහා පැත්තෙන් ඇහුනේ අම්මගේ කටහඩ..එයා කරපු වැරැද්ද පිළිගත්තේ නැහැ..මම වැරදියි කියලා ඔප්පු කරන්න එක එක දේ කළා..හැමදාම මම ට්‍රාන්ස්පෝට් එකේ යන්නේ..සමහර දවස්වලට ටිකක් රෑ වෙනවා ගෙදර යන්න..දවසක් එයා මට කිව්වා හැමදාම ට්‍රාන්ස්පෝට් එකට නැගලා ගැහැණු කෙනෙක් ලග වාඩි වෙන්න ඕන..ගෙදර යනකල් ෆෝන් එක ඔන් එකේතියාගෙන ඉන්න කියලා..වාහනේ යනකොට එයා මම කාත් එක්කද කතා කරන්නේ අනිත් අය මොනවාද කියන්නේ කියලා අහගෙන ඉන්නවා....මගේ ලග පිරිමි කෙනෙක් වාඩි වෙලා ගිය දවසට ඉවරයි..මට හරියට බනිනවා..නිවාඩුවට ගෙදර ආවොත් ඉවරයි ගුටි කන්නත් වෙනවා..ගහන්නේ ඇගපත නිල් වෙන්න..තුවාල වෙන්න.."

නිල්මිනිගේ ජීවිතය එසේ ගෙවී යද්දී ඔහු නිල්මිණි ගැන තව තවත් සැකකලා. ඔහුට අවශ්‍ය වුයේ බිරිද නරක ගැහැනියක් බව ඔප්පු කිරීමයි .ඒ සදහා ඔහු විවිධ උපක්‍රම යෙදෙව්වා..කොතරම් වැඩ රාජකාරියක සිටියත් ඔහු ගේ ඇමතුම් ඇයට මගහැරීමට බැරිය. එක ඇමතුමක් හෝ මගහැරුනොත් ඔහු සිතන්නේ ඇය බැංකුවේ පිරිමි පුද්ගලයෙක් සමග සිටිනවා කියලයි. ඔහු ඇයගේ බැංකුවේ සිටින අනිත් සේවකයින්ගේ ජංගම දුරකථන සදහා ඇමතුම් ලබා නිල්මිණි සිටින්නේ කොහෙද කියා විමසනවා...බැංකුවේ දුරකථන වලටත් අමතා ඇය බැංකුවේ සිටිනවාද යන්න තහවුරු කරගන්නවා..ඇය බැංකුවේ සිටින විට ඇයගේ ජංගම දුරකතනයට නොගෙන බැංකුවේ කළමනාකරුට කතා කොට ඇයගේ වැරදි පවසා බැංකුවේ සිටින තරුණයින් දෙතුන් දෙනෙක් සමගම සම්බන්ධතා තිබෙන බවත් පවසනවා.

"එයාගේ ප්‍රශ්නේ අන්තිමට බැංකුවේ හැමෝම දැනගත්තා. මට වැඩට යන්න ලජ්ජා හිතුනා..හැමෝම හිතුවා මම නරක කෙනෙක් කියලා..මම අර මට වඩා බාල ළමයා එක්ක සම්බන්ධයක් තියෙන බව මැනේජර් සර්ට කෝල් කරලා කියලා..සර් මගෙන් කතා කරලා ඇහුවා..ඒ වගේම එයාගේ දෙමාපියන්ට මගේ දෙමාපියන්ට විතරක් නෙමෙයි නෑදයින්ට පවා කතා කරලා මගේ වැරදි කියලා..මේ දුක මම අවුරුදු දෙකක් විතර ඉවසුවා..නමුත් මෙයා හැමෝටම මම ගැන වැරදි කියලා මට ජිවත් වෙන එක පවා එපා කළා..

මම දරුවා ගැන නොසිතා අන්තිමට මැරෙන්න තීරණය කළා..මම වරදක් නොකර මාව සැක කරපු එකට වඩා මට අපහාස කරපු එක මට දරා ගන්න බැරි වුනා..ලග හිටියේ නැති වුනත් මම හිටියේ බයෙන්. කොයි වෙලේ කතා කරලා බනියිද දන්නේ නැහැ කියලා..ඒක මට මානසික වදයක් වුනා..අන්තිමට මම දරුවාව අරගෙන අපේ මහගෙදරට ගිහින් අම්මට දරුවාව දීලා මැරෙන්න කියලා හිතලා පැරසිටමෝල් බිව්වා..මම දන්නේ නැහැ මට සිහිය නැති වෙලා මාව රෝහලට රැගෙන ගිහින්. මට සිහිය එද්දී මම හිටියේ රෝහලේ ඇදක..හොදටම අමාරු වෙලා මට..පස්සේ රෝහලෙන් මාව මනෝ වෛද්‍ය අංශයට යොමු කළා.."

ඇයව වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කරනු ලබන්නේ මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතා වෙත. ඇය සියදිවි හානි කරගන්න උත්සහ කරන්නේ සැමියාගේ තාඩන පීඩන ඉවසා ගන්න බැරිව. ඒ වනවිට ඇය විෂාදය රෝගය සදහා ගොදුරු වී තිබෙනවා.

"ඔය කියන රෝගියා මගේ ලගට යොමු කළේ මානසික තත්ත්වය සදහා ප්‍රතිකාර කිරීමට. ඇයගෙන් ප්‍රශ්න කළා සියදිවි හානි කරගන්න හේතුව..කලක පටන් සැමියාගෙන් ආ තාඩන පීඩන ඉවසා ගන්න බැරිව තමයි ඇයට විශාදය තත්ත්වයට මුහුණ දෙන්නේ..අවසානයේ අපි තීරණය කළා ඇයගේ සැමියා එක්කත් කතා කරන්න..සැමියා මුලින් අකමැති වුනා.. මොකද නිල්මිණිට ඒ තත්වය උදා වෙන්නේ සැමියා මානසික රෝගයක් නිසා. ඒ නිසා අපිට එයාගේ සැමියාට ප්‍රතිකාර කිරීම කරන්න සිදු වුනා.. එයාගේ සැමියාට ඇතිවෙලා තිබුනේ Othello syndrome කියන මානසික තත්ත්වය..

ඔහු බිරිදව සැක කිරීම, ඔහුට නින්ද නොයෑම, සැකය තහවුරු කිරීමට උත්සහ කිරීම, ඒ සදහා කරුණු සෙවීම, තර්ජනය කිරීම, පහරදීම මේ සියල්ල ඔහු කරන්නේ ඔහුගේ රෝගී තත්ත්වය නිසා..ඔහුගේ රෝගය උත්සන්න වෙලා තිබ්බා නම් ඇයට පහරදීලා මරා දමන්නත් ඉඩ තිබුනා..මේ මෝහමය සැකය නිසා බිරිදව අධික ලෙස සැක කළා..ඇයගේ වැරැද්දක් නැතත් ඇය වැරදි බවට නිතරම තහවුරු කරන්න උත්සහ කළා..

ඒ නිසා ඔහුගේ රෝගය හදුනාගෙන අපි ඔහුට ප්‍රතිකාර කිරීම් ආරම්භ කළා..ඔහුට වසරක කාලයක් එක දිගට ප්‍රතිකාර කළා..නිල්මිණිට විශාදය තත්ත්වයට ප්‍රතිකාර කළා..ඖෂධ ප්‍රතිකාරත් එක්ක මේ දෙදෙනාම සුව වුනා..දැන් මේ දෙන්නා ඉස්සර වගේ සාමකාමිව සතුටින් ජිවත් වෙනවා..කෙනෙකුට හිතෙන්නේ නැහැ අනවශ්‍ය විදිහට තරහ ගද්දි , සැක කරද්දී මේක මානසික රෝගී තත්වයක් කියලා..නමුත් තමන්ගේ ජිවිතේ පෙර පරිදි නැති නම් ඒ මොන හේතුවකට කියලා හොයලා බලලා මනෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න..මනෝ ප්‍රතිකාර අවශ්‍යයි නම් එය ලබා ගන්න කියලා විශේෂයෙන් මම මතක් කරනවා.."

හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
නම් ගම් මන:කල්පිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.