Aug
14
ජනපති පොරොන්දු ඉටු කරයි. උපාධිධාරීන්, අඩු ආදායම්ලාභීන් 150,000කට සදුදා සිට රජයේ රැකියා
උපාධිධාරීන් සහ අඩු ආදායම් ලාභීන් සඳහා රැකියා එක්ලක්ෂ පනස්දහසක් ලබාදීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ඒ අනුව උපාධිධාරීන් 50000කට හා අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැුකියා සදහා අනුයුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කර තිබේ.
මැතිවරණය හේතුවෙන් මෙම වැඩපිළිවෙල නවතා දමනු ලැබූව ද ය එළඹෙන 16 වෙනිදා සිට නැවත ක්රියාත්මක කෙරේ.
පත්වීම් ලැබූවන්ට පත්වීම් ලිපි යැවීම සදුදා දින සිට ආරම්භ කිරීමට නියමිතය.