Aug 14

"මලයාලම් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා, මම රඟපාන්නේ මගේ සතුට වෙනුවෙන්"


ඇය සුන්දර සිනහවකට හිමිකම් කියන තාරකාවියක්. දකුණේ වගේම උතුරේත් ඇයට ඇත්තේ පුදුම ළෙන්ගතුකමක්. සිහංල ගුරුතුමිය නමින් ඇය කළ ඡායාරූප අන්තර්ජාලය හරහා යාපනයේ දෙමළ ජනතාවගේ හදට කතා කළා පමණක් නොව ඉන්දියාවේ කේරළයේ මලයාලම් සිනමාවේ දොරටුද ඇය නමින් විවෘත වුණා. අපි ඒ ගැන හිරුෂි වසුන්දරාගෙන්ම අසා දැන ගමු.

මුලින්ම කියන්න ඔබ සිංහලද, දෙමළද ?

මම ශ්‍රී ලාංකිකයි. හැබැයි දකුණේ සිංහල අය වගේම උතුරේ දෙමළ අයත් මට ළෙන්ගතුයි. වෙන මට දෙන්න උත්තරයක් නැහැ. ළෙන්ගතුකම් කියන්නේ ජාති භේද පරයා ගිය බැඳීමක්.

කොහොමද ඔබට දෙමළ ජනතාවගෙන් මේ තරම් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන්නේ?

සිංහල ගුරුතුමී කියන තේමාව ඔස්සේ ඡායාරූප පෙළකට ඉදිරිපත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ ඡායාරූප පෙළ අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙක් නරඹලා තිබුණා. විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව මගේ සිංහල පෙනුමට පුදුමාකාර විදිහට ප්‍රතිචාර දැක්වූවා. මිනිස්සු විසින් හදාගත්තු ප්‍රශ්නයක් හින්දා බෙදිලා ඉන්න මොහොතක දෙමළ ජනතාව අතරට අපේ සිංහලකම අරගෙන යන්න ලැබිච්ච එක මම කරපු ලොකු පිනක්.

මොනවද ලැබෙන ප්‍රතිචාර?

දෙමළ මියුසික් වීඩියෝ දෙකක රඟපාන්න ආරාධනා ලැබුණා. යාපනයේ ඉන්න සංගීතවේදීන් හා ගායකයන් එකතු වෙලා කරන නිර්මාණයක ප්‍රධාන භූමිකාව නිරූපණය කරන එකම සිංහල රංගන ශිල්පිනිය වෙන්න මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ දකුණේ ඉඳන් උතුරට ගිහින් ජනප්‍රිය වෙච්ච එකම කෙනා මම වෙන්න ඇති.

ඔබගේ පෙනුම දෙමළ යුවතියක් වගේ කියලා කවුරු හරි කියලා තියෙනවද?

කවුරුවත් එහෙම කියලා තිබුණේ නැහැ. නමුත් දෙමළ ප්‍රේක්ෂකයෝ මට මෙච්චර කැමති වෙනකොට මට හිතුණා එහෙම පෙනුමක් මගේ රූපයේ ඇති කියලා.

විශේෂයෙන්ම මලයාලම් හා තෙලිඟු චිත්‍රපට දෙකකටත් මට ඉන්දියාවෙන් ආරාධනා ලැබිලා තියෙනවා. එතකොට නම් මට හිතුණා මගේ පෙනුමේ විශේෂත්වයක් ඇති කියලා.

කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

මම අර කලින් කියපු ෆොටෝ ෂූට් එක නිසා තමා ඒ අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන්ම කේරළයේ යුවතියන්ගේ ස්වාභාවික පෙනුමෙන් තමා ඔවුන් මලයාලම් හා තෙලිඟු චිත්‍රපටවලට යොදාගන්නේ. වැඩිපුරම මේක්අප් භාවිත කරන්නේ නැහැ. මගේ කොණ්ඩෙ සහ මුහුණේ ඇති ස්වාභාවික කේරළ යුවතියන්ගේ පෙනුම නිසා තමයි ඔවුන්ගේ සිතට මාව දැනිලා තියෙන්නේ. සායි පල්ලවීගේ මුහුණුවර මගෙන් දැකලා තියෙනවා.

ඔබ කලින් මලයාලම් හා තෙලිඟු චිත්‍රපට නරඹලා තියෙනවද?

මම මීට කලින් බලලා නැහැ. නමුත් මාව ඔවුන් නිර්මාණය සඳහා තෝරාගත්තට පස්සේ සායි පල්ලවිගේ ​ප්‍රේමම් කියන චිත්‍රපටය බැලුවා. මටත් දැනුණා කේරළ යුවතියන්ට, මගේ සමානකමක් තියෙනවා කියලා.

මොන වගේ චරිතයක්ද ඔබට ලැබෙන්නේ?

එක් චිත්‍රපටයක රඟපාන්න තියෙන්නේ වැන්දඹු ගැහැනියකගේ චරිතයක්. අනෙක් නිර්මාණයේ ගැහැනියක් දුප්පත්කම නිසා විඳින වේදනාව ගැන කියැවෙන නිර්මාණයක්. ඉතා ඉක්මනින් මේ චිත්‍රපටවල වැඩ ආරම්භ කරන්න සූදානමක් තිබුණත් කොරෝනා ප්‍රශ්නය නිසා කල් ගියා.

ඔබේ උපන් ගම ගැන කතා කළොත්..?

මගේ උපන් ගම මාතර, ඌරුබොක්ක. නමුත් වැඩිදුර අධ්‍යාපනය සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. ඉන්පස්සේ මගේ ගම වුණේ ගම්පහ.

නිවේදන වෘත්තිය අත්හැරියද?

මෙහෙමයි, මහ ගොඩක් බදාගෙන වැඩ කරන්න බැහැ. දෙරණ අවුරුදු කුමරිය වෙනකොට හොඳම වරලසට හිමි ජයග්‍රහණය මට ලැබුණා. එතැනින් පස්සේ රංගන ක්ෂේත්‍රයට ආරාධනා ලැබුණා.

මීට කලින් රඟපාලා තිබුණේ නැද්ද?

2009 වර්ෂයේ රාවණා අඩවිය කියන නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතය රඟපෑවා. ඒ නිසා රංගනය ගැනත් ලොකු කැමැත්තක් තිබුණා.

දෙවැනි ආගමනය කොහොමද භාරගත්තේ?

රඟපෑම මගේ වෘත්තිය නෙවේ. ජීවිතයට විවිධත්වයක් අවශ්‍ය නිසාත්, රංගනයට ඇති දැඩි ගෞරවය නිසාත් නිවේදනය අත්හැරලා රංගනය තෝරාගත්තා. දෙරණ ආයතනයේ පෝය දා චිත්‍රපට පෙළකට රඟපාන්න අවස්ථාව ලැබුණා. පිය කඳුළ, පියාණෙනි, භවාන්තර කෙටි චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑවා. ඉන්පසු ‘පාවෙන වලාකුළේ ඒවිද අම්මා’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. නමුත් තිබෙන අවිවේකීකම නිසා රංගනය සඳහා කාලය සොයා ගැනීම ​ලොකු ප්‍රශ්නයක්.

නිළියන් අතර ලොකු තරගයක් තියෙනවා. ඔබ අකමැති වෙනකොට එතැනට එන්න අය ඕන තරම් ඉන්නවා…

ඒක මගේ ප්‍රශ්නයක් නෙවේ. මම රඟපාන්නේ මගේ සතුට වෙනුවෙන්. හෙට යාපනේ ගියොත් මට ඕන තරම් වැඩ තියෙනවා. නමුත් ඒක නෙවේ මගේ ඉලක්කය. දැනට මම නීතිය හදාරනවා. නොමිලේ පරිගණක අධ්‍යාපනය ලබාදෙන ආයතනයක ගුරුවරියක් ලෙස උගන්වනවා. මේ දේවල්වලින් ලොකු සතුටක් ලබනවා. අනාගතයේ අනිවාර්යයෙන්ම නීතිඥවරියක් වෙයි. ඒක තමා ඉලක්කය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.