Aug
11
කොරෝනා ජයගන්න හරස්වෙන තලවතුගොඩ හොරෙන් හොරෙන් ඇරෙන ස්පා
කොරෝනා කියන්නේ ලෝකයේ බොහෝ රටවලට සාර්ථකව පාලනය කිරීමට නොහැකි වූ නමුත් ශ්‍රී ලංකාව සාර්ථකව පාලනය කරන ලද වසංගත රෝගයක්.
මේ සඳහාම ඇප කැප වී සේවයේ යෙදුනු සෞඛ්‍යය නිලධාරීන්, පොලිසිය සහ තිවිධ හමුදා නිලධාරීන්ගේ පරිශ්රමය අපතේ යවන, එම නිලධාරීන්ගේ ඇසට වැලි ගසා නැවතත් කොරෝනා පොකුරක් ඇතිකරීමට උත්සහ දරන ආත්මාර්ථකාමී පිරිසක් පිළිබදව අපට වාර්තා වුනා.
සෞඛ්‍යය අංශ විසින් තවමත් අවසර ලබාදී නොමැති නමුත් හොර රහසේ පවත්වාගෙන යන තලවතුගොඩ පිහිටි සම්භාහන මධ්‍යස්ථාන රැසක් එම ප්‍රදේශයේ සියලුම ප්‍රදේශවාසීන්ගේ ජීවිත අනතුරට ලක්කරමින් පවත්වාගෙන යන බවට වාර්තා වෙනවා.
අපට අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කියා සිටියේ මේ දිනවල එම ප්‍රදේශය පුරාම විශාල වශයෙන් සම්භාහන මධ්‍යස්ථාන අලුතෙන් විවෘත වන බවටත් මෙම මධ්‍යස්ථාන වල බොහෝ නීති විරෝදී ක්‍රියා සිද්ධ වන බවත්ය.
ලොව පුරා මිලියන 20 කට ආසන්න, ලංකාවේ 2,800 ක් ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් ඉතාමත් කෙටි කාලයකදී මෙම මාරාන්තික වසංගත රෝගයට ගොදුරු වුවා.
COVID-19 වසංගත රෝගය ශ්‍රී ලංකාව තුල වාර්තා වීමත් සමගම මෙම සම්භන මධ්‍යස්ථාන මගින් ඉතාමත් ඉක්මනින් පොකුරක් ඇතිවිය හැකි බවට සෞඛ්‍යය අංශ අනතුරු ඇඟවීම් කරනු ලැබුවා.
එම හේතුව නිසාම නැවතත් දින නියමයක් නොමැතිව වසාදමන ලද මෙම මධ්‍යස්ථාන ඉතාමත් සූක්ෂම අන්දමින් පොලිසියේ ඇසට වැලි ගසා පවත්වාගෙන යන බවට වාර්තා වෙනවා.
සටහන : ශිවන්ති සිල්වා