Aug 24

ප්ලාස්ටික් සැෂේ පැකට්, බීම බට, බෝතල් සහ පිඟන් තහනම් කිරීමට යෝජනාවක් !


එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි මධ්‍යම පරසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව, ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කරන සැෂේ පැකට්ටු, බීම බට, බෝතල් සහ පිඟන් ආදිය තහනම් වෙනු ඇත.

මේ සම්බන්ධ යෝජනාව මාස දෙකක් ඇතුළත කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත්, ලබන වසරේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, ඉදිරියේදී ප්ලාස්ටික් නිෂ්පාදන ආනයන සහ නිෂ්පාදනය අවම කිරීමට කටයුතු කිරීමට පියවර ගන්නා අතර එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට කඩදාසිවලින් නිෂ්පාදනය කරන බීම බට, පිඟන් සහ වීදුරු බෝතල් භාවිතය ප්‍රචලිත කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරයි. 

පසුගිය 2018 වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වූ පරිදි පොලිතින් බෑග් සහ ලන්ච් ෂීට් භාවිතය තහනම් කළ ද, දිවයින පුරා ඒවා තවමත් බහුලව භාවිත වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී ජයසිංහ මහතා සඳහන් කළේ, එම ද්‍රව්‍ය භාවිතය නීති විරෝධී බැවින් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පොලිසියේ ද සහයෝගය ඇතිව නීත්‍යනුකූල පියවර ගන්නා බවය.     

එසේ ම, එවැනි ද්‍රව්‍ය විකිණීමට කටයුතු කරන ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරියේ ද සහය ලබා ගන්නා බව ජයසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඉයුනිස් රුත් - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.