Aug
27
අද උදේ පාර්ලිමේන්තුවේ කෑමට තිබූ මාළු පරණයි - තුන්දහසක ආහාර වෙලක් මන්ත්රීවරුන්ට දෙසීයකට
අද උදෑසන සහ ආහාර සඳහා පාර්ලිමේන්තුවේ තිබූ මාළු පරණ බව පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.
තම නිවසේ කෑම මීට වඩා හොඳ බවද මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ කෑම බීම ගැන ජනතාව සිතා සිටින්නේ වැරදියට බවත් ඒ ගැන නිවැරැදි කිරීමක් කළ යුතු බවත් ඔහු කතානායක වරයාට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්රී සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී සිදු කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන්ද අද දිනයේ උණුසුම් තත්වයක් ඇති විය.
මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්රී වරයෙකු සඳහා ලබා දෙන ආහාර වේලක වටිනාකම රුපියල් 3000ක් වුවත් එය රුපියල් 200ට ලබාදෙන බව පැවසීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.
නවක මන්ත්රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ පැවැති වැඩමුළුවේ දී මෙම උණුසුම් තත්වය ඇති වී තිබේ.
පාර්ලිමේන්තුවේ ආහාරපාන සහ සේවා පහසුකම් ගැන එහි මුදල් අධ්යක්ෂවරයා විසින් සිය දේශනය කරද්දී මෙම තත්ත්වය ඇතිවිය.
එහිදී ඔහු සඳහන් කළේ මන්ත්රීවරයෙක් සඳහා උදෑසන ආහාරය රුපියල් 100කට, දිවා ආහාරය රුපියල් 200කට කෙටි ආහාර සඳහා රුපියල් 50ක මුදලකට ලබා දෙන බවයි.
නමුත් න්ත්රීවරයෙකුට රුපියල් දෙසීයට ලබා දෙන්නේ රුපියල් 3000ක් වටිනා ආහාර වේලක් යැයිද ඔහු පැවසීය.
ඒ අවස්ථාවේදී නවක මන්ත්රීවරුන් සඳහන් කළේ මන්ත්රීවරුන් සඳහා නිවසින් ආහාර රැගෙන ඒම සුදුසු බවයි.
තුන්දහසක ආහාර වේලක් රුපියල් දෙසීයකට කෑම දෙන බව සමාජගත කිරීම තමන්ට ලැජ්ජාවක් යැයිද ඔවුහු සඳහන් කළහ.
පාර්ලිමේන්තුවේ දවසකට 2000කට වැඩි පිරිසක් ආහාර ලබා ගන්නා බවක් අයවැය දිනයේ දී එය 3000 ඉක්මවා යන බවත් එහිදී හෙළිවිය