Aug 23

උදේ කරපු විහිළුව ඇත්තක් වෙලා.. කැලේ ඉඳන් එක පාරට අලියෙක් මතුවුණා.. මායි දරු පැටව් දෙන්නයි තනිවුණා


අලියෙක් පන්නන නිසා සුගත් කවුඩුල්ල වැවට පැන්නා කියා ආරංචි වුණා.... කැලේ ඉඳන් එක පාරට අලියෙක් මතුවුණා; අපට කර කියා ගන්න දෙයක් නැතිවුණා...එකට ගිය සගයා කිියයි

උදේ කරපු විහිළුව ඇත්තක් වෙලා.... මායි දරු පැටව් දෙන්නයි තනිවුණා - බිරිඳ හඬමින් කියයි

දුප්පත්කමේ පතුලට වැටුණු මිනිසුන් ජීවත්වීම සඳහා නොකරන දෙයක් නැති තරම්ය. එදා වේල සරිකර ගන්නට කුලියක් හෝ නොලැබුණ තැන ගස් නැඟීම පොල් කැඞීම වැනි අවදානම් වැඩවල හෝ ඔවුන් නිරත වන්නේ එසේ නොකළහොත් ගෙදර සිටින දරු පැටවුන්ට හාමතේ සිටින්නට සිදුවන නිසාය. මේ එකක්වත් නොලැබුණු තැන සමහරුන් වැවකට ගොස් මාළුවකු හෝ අල්ලා විකිණීමට පෙළෙඹෙති.

හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් කවුඩුල්ල 31 කොලණියේ පදිංචිව සිටි ජී. සුගත් අබේකෝන් යන දෙදරු පියා ද මෙවැනි පන්නයේ මිනිසෙකි. මෙම ප‍්‍රදේශයේ තවමත් යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භවී නොමැති නිසා අබේකෝන්ට ද හරි හමන් කුලියක් ලැබී තිබුණේ නැත. අහස දෙස බලා හූල්ලමින් සිටියාට අතට කීයක්වත් නොලැබෙන නිසා ඔහු නිවසට මඳ දුරකින් පදිංචි වී සිටින කුමාර අයියා සමග කවුඩුලූ වැවට ගොස් මාළු ඇල්ලීමට තීරණය කළේය. ඒ ඉකුත් 17 වැනිදා උදෑසන ය. එතැන් සිට සිදුවූ දෙය අපට කියා සිටියේ අබේකෝන්ගේ බිරිඳ වූ එම්. සුජාතාය.

එදා උදේ සුගත් මට කිව්වා මේ දවස්වල වැඩක් පලක් නැති නිසා කුමාර අයියත් එක්ක කවුඩුලූ වැවට මාළු අල්ලන්න යනවා කියලා. සමහර අවස්ථාවලටත් එයා එහෙම යන හින්දා මම එපා කිව්වේ නැහැ. හැබැයි එයා කිව්වා අපි යන හරියේ අලි ඉන්නවා මොනව වෙයිද දන්නෙ නෑ කියලා.

සුගත් එහෙම කියලා එළියට බැහැලා ටිකක් දුර ගිහින් ආපහු ආවා. මා දිහා බලාගෙන ඉඳලා කිව්වා මට මොනව හරි දෙයන් වුණොත් කුඹුරු කෑල්ල කරගෙන දරුවෝ දෙන්න බලාගෙන ඉන්න කියලා. මම විහිළුවට නෙවෙයි එහෙම කියන්නේ කියලා යන්න ගියා.

හවස 2.30 ට විතර මට පණිවිඩයක් ආවා සුගත්ලට අලියෙක් පන්නලා එයාල වැවට පැනලා කියලා. සුගත් ගැන තොරතුරක් නැහැ කියලත් කිව්වා. අපි ඉක්මනට කවුඩුලූ වැවේ ඔය කියන දිහාවට ගියා. එතැන කුමාර අයියයි තවත් කට්ටියකුයි හිටියා. ඒත් සුගත් පේන්න හිටියේ නැහැ. අන්තිමට යෝධ ඇළ පැත්තේ කීප දෙනෙක් වැවලට පැනලා පීනලා ගිහින් සුගත්ව සොයාගෙන ආවා. ඒත් දෙයියනේ ඒ වෙනකොටත් සුගත් අපිව දාලා ගිහින්. උදේ කරපු විහිළුව ඇත්තක් වෙලා මමයි දරු පැටව් දෙන්නයි ලෝකේ තනිවුණා. සුජාතා ඉකිබිඳිමින් අමිහිරි සිදුවීම් පෙළ අවසන් කළාය.

මෙහිදී සුගත් සමග සිටි කවුඩුල්ල උතුරු යටියල්පතන යූ. සරත්චන්ද්‍ර කුමාර (63* තම සගයා අහිමි වූ ආකාරය අපට මෙසේ පැවැසුවේය.

අපි උදේ 8.30 ට විතර තමයි ගෙවල් වලින්් පිටත් වෙලා මාළු අල්ලන්න කවුඩුලූ වැවේ වග වලාව කියන පැත්තට ගියේ. අපි ගියපු බයිසිකලය ගෙදරක දාලා පයින්ම හැතැක්මක් විතර වැව ඇතුළට ගියා. ඒ හරියේ නිතර අලි ඉන්නවා. දවල් එක දෙක වෙනකොට අපි දෙන්නා මාළු කිලෝ හතරක් පහක් අල්ල ගත්තා. දවල්ට කාලා එහෙම අපි දෙන්නා ගෙදර එන්න පිටත් වුණා. අපි ආවේ වැවේ වතුරට කිට්ටුවෙන්මයි. එහෙම ටික දුරක් යනකොට කැලේ ඇතුළේ ඉඳන් එකපාරටම අලියෙක් මතුවුණා. අපිට කර කියා ගන්න දෙයක් නැති වුණා. අලියා පන්නාගෙන එන බව දැක්කම අබේකෝන් දුවගෙන ගිහින් වැවට පැන්නා.

දැන් අලියා මා පස්සෙන් එලවනවා. මමත් දුවගෙන ගිහින් වැවට පැන්නා. අලියත් පැන්නා. ඒත් අලියට මාව අල්ලගන්න බැරිවුණා. මමත් වැවේ පීනමින් ඉන්නකොට මම දැක්කා සුගත් වැවේ පීනනවා. ඒත් කලබලේට මට ඒ පැත්තට යා ගන්න බැරි වුණා. අලියා එහෙමෙහෙ වෙනකම් ඉඳලා මම සුගත් කෝ කියලා හෙව්වත් එයා පේන්න හිටියේ නැහැ. ටික වෙලාවකින් මම ගොඩට ආවා. ඉක්මනට තොටුපළ පැත්තට ගිහින් එතැන හිටිය අයට සිද්ධිය කිව්වා. ඒ අයත් ඇවිත් සුගත්ව හෙව්වත් හොයා ගන්න බැරිවුණා. 5.00 ට විතර යෝධ ඇළේ කීප දෙනෙක් වතුරට බැහැලා සුගත්ව හොයා ගත්තා එතකොටත් එයා නැති වෙලා.

මෙහිදී මිය ගිය සුගත් අබේකෝන් (48) යන අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ පොලොන්නරුව රෝහලේ අධිකරණ වෛi ඞී. එල්. වෛiරත්න මහතා නිගමනය කර තිබුණේ මෙම මරණය දියේ ගිලී හුස්ම හිරවීමෙන් හා පෙනහලූවලට ජලය ඇතුළුවීමෙන් සිදුවූ මරණයක් බවයි.

දෙදරු පියකු වන සුගත් අබේකෝන් අනපේක්ෂිත ලෙස තම දිවියට සමුදෙන්නේ ප‍්‍රශ්න රැුසක් ඉතිරි කරමිනි. ඔහුගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු 14 කි. දෙවැන්නාට වයස අවුරුදු දෙකහමාරකි. බිරිඳ වන සුජාතාට රැුකියාවක් හෝ ආදායමක් නැත. ඒ නිසා ඔහුගේ මරණයෙන් පසු බිරිඳ හා දරු දෙදනා පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.

ජීවිතය යනු අපට අවැසි ලෙස ලබා ගන්නටත් එසේම අවසන් කරන්නටත් හැකි දෙයක් නොවේ. ඒ නිසා මෙලොව සිටින කාලය තුළ ඊට වටිනාකමක් එක් කිරීම කාගේත් වගකීමයි. එසේ නොවන සෑම සමුගැනීමක් තුළම ඇත්තේ දුක හිතෙන කතාවකි. කවුඩුල්ල 31 කොලණියේ සුගත් අබේකෝන්ගේ කතාව ද එවැන්නකි.

හිඟුරක්ගොඩ - අතුල සූරියබණ්ඩාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.