Aug 19

දෙහිවල සත්වෝද්‍යානය පිලියන්දලට


හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහැර වලට ලබා දීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසේ. එය කඩිනමින් ඇමති මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරවයා මේ බව සදහන් කළේය.  නව රජයේ විශයපථය වෙන් කිරීමේ ගැසට් පත්‍රයට අනුව සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පැවරී ඇත්තේ සංචාරක අමාත්‍යාංශය යටතටය. සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ ඉදිරි කටයුතු පිලිබද සාකච්ඡා කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබුණි.

හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහැර වැනි ජාතික උත්සව වලට අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දේපාර්තුමේන්තුව මාර්ගෝපදේශ සංග්‍රහයක් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේ එම මාර්ගෝපදේශ සංග්‍රහය කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවයි. හීලෑ අලි ඇතුන්ට සිදුවන හිංසනය වැළැක්වීමට මෙහි දී ප්‍රමුඛතාව හිමිවිය යුතු බව පෙන්වා දුන් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් වනජීවි ඇමතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කීවේය.

දෙහිවල සත්වෝද්‍යාන පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත් ව ඇති යෝජනාව කෙරෙහි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ විශේෂ අවධාණය යොමු විය. ඔහු පෙන්වා දුන්නේ සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් බවයි. ඒ නිසා සත්වෝද්‍යානය නවින ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍යය බව පැවසු ඇමතිවරයා සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් එය සිදු කළ යුතු බව අවධාරණය කළේය.

දෙහිවල සත්වොද්‍යානයේ සතුන්ගේ කෑම බීම හා වෙනත් අවශ්‍යතා සපුරාලීම සදහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් වැය වන බවත්, සේවක වැටුප් අතිකාල ගෙවිම් සදහා රුපියල් මිලියන 06 ක මුදලක් වැය වන බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී උපදෙස් දුන්නේ කැබිනට් මණ්ඩලයට සත්වෝද්‍යානයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව එම වාර්තාව කඩිනමින් තමා වෙත යොමු කරන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාට උපදෙස් දුන්නේය. ඊට අමතරව ඉදිරි අයවැයට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

– ප්‍රදීප් අනුර කුමාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.