Aug 21

මෝස්තර නිරූපිකා කේෂරී වැලිකලගේ මරණයට සත්‍ය හේතුව මෙන්න !


දක්ෂ මෝස්තර නිරූපිකාවක වන කේෂරී වැලිකලගේ 15 දින රාත්‍රියේ සිය දිවියෙන් සමුගත්තා. මිය යන විට ඉතා තරුණවියේ පසු වූ ඈ ඉතා මෑතකදීම රංගනයට පිවිසීමට සූදානමින් සිටි බවයි වාර්තා වන්නේ.

වසර තුනකට පෙර නිරූපනය සඳහා පිවිසි ඇය පසුගිය වසරේ පැවති “Miss Sri Lanka 2019” කරඟාවලියේ අවසන් පස් දෙනා අතරටද ‌තේරී පත් වීමට සමත් වුණා.

මෙම තරුණිය පසුගිය 15 වනදා බොරලැස්ගමුව, තල්ගහවත්ත පාර, සිසිල පටුමගේ සිය සහෝදරියගේ නිවසේදී ස්නානය කර තිබූ අතර, පසුව ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවත් ඇයව ප්‍රතිකාර සඳහා වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කර තිබේ. එම මියගිය තරුණිය ස්නානය කිරීමට පෙර එතැන ස්නානය කළ එකොළොස් හැවිරිදි පාසල් සිසුවකුටද එම තරුණියට මතුවූ අසාත්මිකතා මතුව තිබූ බැවින් දෙදෙනාම රෝහල්ගත කිරිමට ඥාතීන් පියවරගෙන තිබිණි. එස් ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය එදිනම මියගොස් තිබිණි.

ස්නානය කිරිමේදි ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මියගිය තරුණියගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී 17දා සිදු කළ අතර, එහිදී මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් ඇගේ සිරුරේ කොටස් ස්නානයේදී භාවිත කළ ද්‍රව්‍ය රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට පියවර ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

සිරුරේ කොටස් හා ස්නානය කළ නල ජලය, පානය කළ බව පැවසෙන උණු ජල සාම්පල දෙකක් සහ හිසේ හා සිරුරේ ගැල්වූ ආලේපන කිහිපයක් රජයේ පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගැනිණි. තරුණිය ස්නානය කිරීමෙන් පසුව රෝහල්ගත කරන අවස්ථාවේදී කිසියම් රසායන දුගදක්ද තරුණියගේ සිරුරින් වහනය වී ඇති අතර, මරණයෙන් පසු නිවසේ නාන කාමරය පරික්ෂා කිරීමේදී ඒ තුළ යම් දුගදක් වාර්තා වූ බව පොලීසිය පැවසීය.

මෙසේ මියගොස් තිබුණේ බොරලැස්ගමුව, වේරහැර දොළහේනවත්ත පාරේ අංක 370/1 හි පදිංචිව සිටි චමිදුකා වැලිකලගේ කේශරී නමැති 20 හැවිරිදි තරුණියකි.

කෙසේ වෙතත් ඇයගේ මරණයට හේතුව ලෙස වාර්තා වෙන්නේ ඇය විසින් භාවිතා කළ ෂැම්පූ වර්ගයක් විස වීමයි. ඇතිවූ ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කරන ලද ඇයව ඊයේ රාත්‍රියේ මිය ගියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවකයි.

ඇය නිරූපිකාවක ලෙස ක්ෂෙත්‍රයේ කැපී පෙනුණ අතර 2018 තරුණ රූප සූන්දරිය ඇතුළු රූප රාජිණී තරග කිහිපයක් ජයග්‍රහණය කර තිබූ බවත් පැවසිණි. ඇය පුවත්පත් කිහිපයකම කවරයේ ඡායාරූප සඳහා පෙනිසිට ඇති බවද පැවසිණි.

රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළ එකොලොස් හැවිරිදි පාසල් සිසුවා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති අතර, දරුවාගේ තත්වය සාමාන්‍ය බව පොලීසිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයක් බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක විජේරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

ඊට පැය කහිපයකට පෙරත් ඇගේ ෆේස්බුක් ගිණුම ඇය විසින් යාවත්කාලීන කර තිබුණු අතර, ජීවිතයේ දිගු ගමනක් තවත් බොහෝ දුර යාමට බලාපොරාත්තුවෙන් උන් ඇයට සිදුවූයේ නොසිතූ නොපැතූ මොහොතක මරණයට හේතුවක් වේ යැයි කිසිවිටක නොසිතන හේතුවක් නිසාවෙන් මෙලොව හැර දමා යන්නයි. ඉතින් කේෂරී ඔබට මොක් සුව!










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.