Aug 30

බස් දෙකක් මුහුණුට මුහුණ හැපේ.. 18ක් රෝහලේ…


ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී බස්රථ දෙකක් අද (30) මුහුණට මුහුණ ගැටිමෙන් සිදු වූ අනතුරින් 18 දෙනෙකු තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මාතර සිට පොලොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

දඩල්ල පොදු සුසාන භූමියට මදක් ගාල්ල දෙසට වන්නට සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ 18 දෙනාගෙන් 17 දෙනෙකුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් පෞද්ගලික බස් රථයේ රියදුරු පමණක් බරපතල තුවාල ලබා තිබෙන බවත් ගාල්ල පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සුළු තුවාල ලැබූ 17 දෙනා තුවාල වලට බෙහෙත් දමාගෙන වෛද්‍ය පරීක්ෂණද කර ගැනීමෙන් අනතුරුව අද (30) දිනයේදීම රෝහලින් නික්ම යෑමට නියමිතව තිබූ බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගිනිමැල්ලගහ, බද්දේගම පදිංචි කමල් පුෂ්ප කුමාර (35) නැමැති අයයි. මොහුගේ පාද වලට බරපතල හානි සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාරග සදහන් කරයි.

අම්බලන්ගොඩ සිට ගාල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය තවත් වාහනයකට ඉස්සර කිරීමට මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීමේදී ඊට ඉදිරියෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මෙහිදී පෞද්ගලික බස් රථය මාර්ග නීති කඩකර තිබෙන බව බැලූ බැල්මටම පෙනෙන්නේ යැයි ගාල් පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අනතුරට පත් බස්රථ දෙකම මේ වන විට ගාල්ල පොලීසිය බාරයට ගෙන ඇති අතර පෞද්ගලික බස් රථයේ රියදුරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් කේ ඩී ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත ගාල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් එල් ජගත් මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.