Aug 24

ඩුබායි පනින්න ගිය අංගොඩ ලොක්කාගේ 4ක් කටුනායකදී ඇල්ලු හැටි


කොළඹ පාතාලයේ ප‍්‍රධාන පෙළේ අපරාධකරුවකු බව කියන ‘වැල්ලේ සාරංග’ නමැත්තා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත පාතාල කණ්ඩායමක් හොර රහසේම ඩුබායි රාජ්‍යය බලා පලායෑමට කටුනායක ගුවන් තොටුපළේ රැඳී සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (23 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය දිගින් දිගටම පාතාල මර්දන මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමත් සමඟ බියට පත්ව සිටින පාතාල අපරාධකරුවන් හොර රහසේ රටින් පලායෑමට උත්සාහ කරමින් සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.

මෙම පාතාල කණ්ඩායම මරණ බියෙන් රටින් පලා යෑමට සූදානම්ව කටුනායක ගුවන් තොටුපළේ රැුඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලූයම සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

ගමගේ සුරංග ප‍්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග නමැති පාතාල නායකයා මෝදර ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන පාතාල කණ්ඩායමකට නායකත්වය ලබාදෙන බව විමර්ශනවලින් හෙළි වී ඇත. ඉන්දියාවේ සිට මෙරටට කේරළ ගංජා ප‍්‍රවාහනය කිරීමේ ජාවාරමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන වැල්ලේ සාරංග නමැත්තාට එරෙහිව මිනී මැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ඇතුළු අපරාධ රැුසක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

මෙහිදී අත්අඩංගුවට පත් වූ සෙසු පාතාල සාමාජිකයන් අතර ඉෂාර ලක්මාල්, බුද්ධික සංජීව, මොහොමඞ් ටූපර් යන අය සිටින බවත් ඔවුන් අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ ප‍්‍රධාන පෙළේ සාමාජිකයන් බවටත් පොලිසිය හඳුනාගෙන ඇත.

ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙම පාතාල සාමාජිකයන් සතුව තිබී රුපියල් විසිනව ලක්‍ෂයක මුදලක් පොලිසිය සොයාගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාතාල සාමාජිකයන් සිව්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසයට රැුගෙන ගොස් ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

හේමන්ත රන්දුණු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.