Aug
31
20 වන පනත් කෙටුම්පත නීතිපතිට.. බැසිල්ට පාර්ලිමේන්තු දොර ඇරේ
යෝජිත 20 සංශෝධන පනත් කෙටුම්පත කෙටුම්පත් කර නීතිපතිවරයා වෙත අනුමැතිය සඳහා යොමු කර ඇති අතර එය නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු මීලග කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැප්තැම්බර් මාසය තුළ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටී.
ඉදිරිපත් කර ඇති මෙම සංශෝධනය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු නව තනතුරක් ලැබිය හැකි වගන්තියක් ඇතුලත් කර නැති බවද වාර්තා වෙයි.
පෙර වාර්තා වූයේ හිටපු ජනපති වෙනුවෙන් උප අගමැති ධුරයක් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඇති කරනු ඇති බවයි.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අත්හිටුවමින් 19 සංශෝධනය පනවා තිබූ නීතිය 20 වන සංශෝධනය මගින් ඉවත් කර ඇති බවද දැනගන්නට ඇත.