Aug 22

ගණිත ගුරාගෙන් අතවර කාමරයේ දොරගුළු වසාගෙන අසභ්‍ය චිත‍්‍රපටත් පෙන්නලා


උපකාරක පන්ති පවත්වන මුවාවෙන් 12 හැවිරිදි සිසු දරුවකුට අපයෝජනයක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඊයේ (20 වැනිදා) පැවසීය.

එම ගණිත ගුරුවරයා සම්බන්ධයෙන් එම දරුවා සහ දෙමාපියන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර 29 හැවිරිදි ගණිත ගුරුවරයා කොටුකරගත් බවද හෙතෙම කීය.

2018 වසරේ සිට මෙම අපයෝජනය සිසු දරුවාට සිදුව ඇති අතර තමාට ගුරුවරයාගෙන් සිදුවන අතවරයන් ගැන එම සිසුවා මිතුරකුට කියා තිබේ. අනතුරුව එම මිතුරා අතවරයට ලක්වූ බව කියන සිසුවාගේ දෙමාපියන් වෙත පවසා ඇත.

 මෙම ගුරුවරයා සිසු දරුවාගේ කාමරය තුළදී පන්ති පවත්වා තිබේ. මුලදී කාමරයේ ජනෙල්, දොරගුළු හැරදමා පන්ති පවත්වාගෙන  ගොස් ඇති බවත්, පසුව ඔහු දොරගුළු වසාගෙන පන්ති පවත්වා ඇති අතර ඔහු එහිදී දරුවාට අසභ්‍ය චිත‍්‍රපට පෙන්වා ඇති බවත් හෙළිවිණැයිද එම ඒකකය කියයි.

 දරුවා මෙම අපයෝජනයන්ට ලක්වන අවස්ථාවන් හිදී දරුවාගේ මව සහ මිත්තණිය නිවසේ සිට ඇති බවත්, එහෙත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඔවුන් දැනුවත් නොවීම කනගාටුවට කරුණක් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

 සිය පියාගේ මිතුරකු විසින් සොයාදුන් ගුරුවරයකු නිසාත්, සිදුවුණු දේවල් දෙමාපියන්ට නොපවසන ලෙසට අදාළ ගුරුවරයා කළ බලපෑම් නිසා ඒ ගැන දෙමාපියන්ට නොපවසා සිටි බවත් එම දරුවා පැවසී යැයිද සභාපතිවරයා කීය.

 සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කරන බවත්, දරුවා මනෝ සාමාජීය ප‍්‍රතිකාර සඳහා යොමු කළ බවත් සභාපතිවරයා කියා සිටියේය.

 ඉතා පහසුවෙන් වළක්වා ගතහැකිව තිබූ අපයෝජනයක් මෙසේ සිදුවුණේ මවගේ හා මිත්තණියගේ අවධානය ගිලිහී යෑමෙන් බවද හෙතෙම කීය.

 කිසිදු අවස්ථාවක උපකාරක පන්ති ගුරුවරුන් විශ්වාස කර සිය දරුවන් ඔවුන් සමඟ තනි නොකරන්නැයි ඉල්ලා සිටි සභාපතිවරයා, දරුවා ගැන නිතර අවධානය තබා නොගතහොත් දරුවාට අවදානම ඉතිරිවනු ඇතැයිද පෙන්වා දුන්නේය.

 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන

 මහත්ම - මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පො.ප. එන්. කදිරගාමර් මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.