Jul 22

සජිත්ගේ පක්‍ෂයේ හා දෙමල සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ සමානයි


සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාව සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානතාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙරට පැරණිතම දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට  මූලිකත්වය ගෙන කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා රට දෙකඩ කිරීමට කිසිසේත්ම නොපැකිලෙනු ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සෑමවිටම තම පියාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා ජනතා මතය  ඉල්ලා සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ආර්, ප්‍රේමදාස මහතාගේ කාලය පිළිබඳව සිහිපත් කිරීමේ දී 88, 89 සමයේ භීෂණ යුගය වඩාත් මතකයට නැගෙන බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

ප්‍රේමදාස යුගයේ භීෂණය හේතුවෙන් මහනුවර සමහර ගම් සමූල ඝාතනයට ලක් කළා. බල්ලෙක් බළලෙක්වත් ඉතිරි කළේ නෑ. ඒ භීෂණය මේ ප්‍රදේශයේ ජනතාව විදිහට ඔබට අමුතුවෙන් මම කියන්න ඕන නෑ. ඒ භීෂණය නිසා මුළු රටේම හැට දහසකට අධික තරුණ තරුණියන් පිරිසක් ඝාතනය කළා.

1988 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් පමණක් 22ක් ඝාතනය කරනවා. මහනුවර මහවත්තේ සමූහ ඝාතනයෙන් සිදුවූ මුළු මරණ ගාන 157ක්. එයින් 129ක්ම ඝාතනය කළේ ප්‍රේමදාස ආණ්ඩුවෙන්. 28 දෙනක් ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන්.

1989 වසරේ අගෝස්තු මාසයේ දී ප්‍රේමදාස ආණ්ඩුව, මහනුවර ඩී.එස් සේනානායක මාවතේ ඉහළට යන පරණ මාතලේ පාරේ තරුණයින් රැසක් පුළුස්සා ඝාතනය කර තිබුණා.

ප්‍රේමදාස යුගයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව, රන්දෙණිගල, මහනුවර සිල්වෙස්තර විදුහල , අස්ගිරිය පොලිස් නිලනිවාසය, අංකුඹුර කුණ්ඩසාලේ, කටුගස්තොට තෙල්වත්තේ වදකාගාරය ඇතුළු තවත් වදකාගාර විශාල ප්‍රමාණයක් තිබුණා අපට මතකයි.

විටින් විට වෙඩි තියලා පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට ඇදලා දැමූ තරුණයින්ගේ ගණන 200කට වැඩියි.

කඩුගන්නාව නගරයේ ඝාතනය කර පුළුස්සා දැමූ වයස අවුරුදු 14 ක 15 ක පමණ ද දැරියකගේ භෂ්මාවශේෂ පාර්ලිමේන්තුවට අරගෙන ගිහින්  ඒ පිළිබඳව ලෝකයේම අවධානය යොමු කළා.  එදා තිබුණ ආණ්ඩුව ඒ භෂ්මාවශේෂ පාර්ලිමේන්තුවට ගෙනාවේ කොහොමද කියලා හෙව්වා. ඒ දැරිය මැරුවේ කවුද කියලා හෙව්වේ නැහැ. ඒ නිසාම අද අයෙමත් ප්‍රේමදාස යුගයක් ඇතිකරන්න මිනිස්සු බයයි.

මෙම හමුව සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සිසිර මුණසිංහ - Lanka C News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.