Jul 14

කැකිරාවේ පවුල් 7 සහ පුද්ගලයින් 25 නිරෝධායනයට


කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්තානයේ සිටි යුදහමුදා මේජර් වරයකුට කොවිට් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ (13) දිනයේදී තහවුරු වීමත් සමඟ මේජර් වරයාගේ නිවස පිහිටි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ ඔහු හා සබඳතා පැවැත්වූ නිවාස සහ පුද්ගලයින් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පරීක්ෂා කර ස්ව්‍යං නිරෝධායනයට ලක්කර තිබේ.

ඔහු පසුගිය 4 දින නිවාඩු ලබා තම නිවසට පැමින ඇති අතර කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්තානයෙන් ඔහුව පසුගිය 9 දින ආපසු මින්නේරිය කටුකැලියාව නිරෝදායන මධ්‍යස්තානයට කැඳවා තිබේ. එහිදී පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ දිනයේම මේජර් වරයා අයි.ඩී.එච් රෝහලට යවා ඇත.

මේ සමඟම ඔහුගේ පවුලේ පිරිස් සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිස් සොයාගෙන ඊයේ රාත්‍රියේදී පවුල් හතක් සහ පුද්ගලයින් විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ස්ව්‍යං නිරෝධායනයට ලක්කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් කටයුතු කර ඇත. ඊට අමතර එම පවුලේ සාමාජිකයන් කැකිරාව සහ දඹුල්ල නගරයේ වැඩි වශයෙන් සැරිසරා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් හෙලිකරගෙන තිබේ.

ඊට අමතරව මේජර් වරයාගේ බිරිඳ කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකු බවත් ඇයගේ සැමියා නිවසට පැමිනීමෙන් පසු ඇයද දින තුනක් පාසලට ගොස් ඇති බවත් වැඩිදුරටත් තහවුරු කරගෙන තිබීමත් සමඟ පාසලේ දරුවන් හා ගුරුවරුන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මේ වන විට දැඩි අවදානය යොමුකරමින් සොයාබැලීම් තවදුරටත් සිදුකරමින් සිටී.

පසුව අද 14 අළුයම දෙකට පමණ යුදහමුදා ආරක්ෂක අංශ විසින් ඔහුගේ නිවසේ සිටි ඔහුගේ පවුලේ පුද්ගලයින් පස්දෙනකු පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා දියතලාව නිරෝදායන මධ්‍යස්තානයට රැගෙන යාමට කටයුතු කර ඇත.

කැකිරාව ප්‍රදීප් රණසිංහ
Source - අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.