Jul 04

පවුම් 15 රන් දම්වැලක් සොරා ගත් පෙම් යුවළ අත්අඩංගුවට


මස්කෙළිය නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් 10,50,000/- (දස ලක්ෂ පණස්දාහක්) වටිණා රන් පවුම් 15 ක දම්වැළක් සොරාගත් තරුණියක් හා ඇගේ   පෙම්වතා බව කියන තරුණයෙක් මස්කෙළිය පොලීසිය මගින් ඊයේ (03) දා  පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බව මස්කෙළිය පොලිස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක යසරත්න බණ්ඩාර මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ (19)   හැවිරිදි තරුණියක් හා මස්කෙළිය ගාඩ්මොර් තේ වතුයායේ පදිංචි (20) හැවිරිදි  තරුණයෙකි.

මස්කෙළිය නගරයේ, තැපැල් කාර්යාල මාර්ගයේ පිදිංචි ව්‍යාපාරිකයෙකුගේ   නිවසේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරමින් සිටි මෙම තරුණිය ඉකුත් මාසයේ  (16) වන දින තේ පානය කිරීම සඳහා බනිස් රැගෙන ඒමට නිවසින් පිටව ගොස්  නැවත ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ නොමැත.

මෙම තරුණිය, තරුණයෙක්  සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටි නිසා ඔහු සමග වෙනත්  ප්‍රදේශයකට පළා ගොස් ඇති බවට සොයා බැලීමේදී දැනගන්නට ලැබුණ බව
ව්‍යාපාරිකයා විසින් පොලීසියට පවසා ඇත.

තරුණිය ගැන වැඩිදුරටත් සැක නොසිතූ ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ නිවසේ අය ඊයේ (03) දා තම නිවසේ පිහිටි අල්මාරියක් විවෘත්ත කර ස්වර්ණාභරණ බහා  තිබූ පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තිබූ පවුම් 15 ක මාලය අතුරුදන්ව ඇති බව  දැනගෙන ඇත.

එම අවස්ථාවේ ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් මෙහෙකාර තරුණිය ගැන සැක සිතා මස්කෙළිය පොලීසියට එදිනම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි  කිරීමෙන් පසුව මස්කෙළිය පොලීසිය කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මස්කෙළිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා ඇතුලු   නිලධාරීන් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව (03) දා පස්වරුව  වන විට සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.

තරුණියගේ ප්‍රකාශ අනුව ඇය විසින් සොරා ගනු ලැබූ රන් මාලය මස්කෙළිය නගරයේ පිහිටි රන් භාණ්ඩ උගස්  ගන්නා වෙළඳ සලකට රුපියල් ලක්ෂ 04 කට උගස් තබා එම මුදලින්   තමපෙම්වතාට  රුපියල් 4,30,000/- ගෙවා කල් බදු ක්‍රමයට ත්‍රීවීල් රථයක් මිළදී ගෙන ඇති බවට
පරීක්ෂණවලදී අණවරණය වූ බව පොලීසිය පවසයි.

සැකකාර තරුණියගේ පෙම්වතා යැයි කියන මස්කෙළිය පොලිස් වසමට අයත්, ගාඩ්මෝර් තේ වතුයායේ, ගල්කන්ද කොටසේ පදිංචි (20) හැවිරිදි තරුණයෙක් මග ත්‍රීවීල් රථයද පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Source - අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.