Jul
23
හෝටල් හිමිකාරියට නිරුවත පෙන්වා අතවර කළ සැකකරු
ගණේමුල්ල පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි හෝටලයක හිමිකාරියට නිරුවත පෙන්වා අතවර කළ සැකකරුවකු29 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (21 දා) නියම කළේය.
ගණේමුල්ල පොලිසිය අධිකරණයේ කළ ඉල්ලීම මත සැකකරු රාගම රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඒ සම්බන්ධව වෛද්‍ය වාර්තාව 27 වෙනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර බන්ධනාගාර අධිකාරි වෙත නියම කරන ලදී.
කඩවත බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. සැකකරු හෝටලයට ගොස් තේ එකක් ඇණවුම් කර තිබේ. හෝටල් හිමිකාරිය සැකකරු ඇණවුම් කළ තේ එක රැගෙන ඒම සඳහා මුළුතැන්ගෙට ගිය අවස්ථාවේ සැකකරුද ඇය පිටුපස ගොස් ඇයට නිරුවත පෙන්වා ඇති බවත් එයින් අපහසුතාවට පත් පැමිණිලිකාරිය සිද්ධිය අනෙකුත් අයට පැවසීමෙන් අනතුරුව සැකකරු මහජනතාව විසින් පොලිසියට භාරදී තිබේ.
ටෝනි කරුණානායක - දිවයින